IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බස් ටිකට් දෙන අතරේ කොන්දොස්තර මගීන්ගේ පොකැට්වලටත් විදලා

කොළඹ-මාතර පෞද්ගලික බස්රථයක කොස්දොස්තරවරයකු සේ ඇඳ සිටි අයකු සිය බස්රථයේ ගමන් කරමින් සිටි මගියකුගේ  මුදල් පසුම්බිය සෝරා ගනු දැක ඔහු බඩුත් සමග අතටම අල්ලාගෙන හොඳ ගුටි  බැට සංග‍්‍රහයක්  ලබාදීමට සියලූ මගින් එක්වූ සිද්ධියක්  ඉඳුරුව ප‍්‍රදේශයේදී දකින්නට ලැබිණි. දකුණේ  සිට ආ බව කියන බස්රථය  පසුගිය පස්වැනි සඳුදා දහවල් කොළඹින් මාතර බලා පිටත්වී කළුතරට  එන විට මගීන් ගෙන්  පිරි තිබිණි. කොන්දොස්තර වැනි මිනිසා මගීන් අතරේ තෙරපි තෙරපී ටිකට් නිකුත් කරමින් එහා මෙහා ගමන් කෙළේය. වයස 27ක් පමණ සාමාන්‍ය සිරුරකින් හෙබි ඔහු බසය නතර කරන සෑම නැවතුමකින්ම මගීන් බසයට නංවා ගැනීමට දක්වන්නේ අසීමිත කරුණාවකි. අලූත්ගමින් බසයට ගොඩවූ පිරිසක්  සමග මේ කොන්දොස්තර” ඔහුගේ සුපුරුදු හඬ අවදි කරමින් ටිකට් දුන් අතර පසුපස දොර අසල සිටගෙන සිටි තරුණයකුගේ කලිසමේ පිටුපස සාක්කුවට අතදමා මුදල් පසුම්බිය ගත් අයුරු තවත්  මගියකුගේ නෙත ගැටුණේය. පොකැට්ටුව අහිමිවූ තරුණයා කොස්ගොඩින් බැසීමට සිටියේය. ඉදුරුවදී පොකැට්ටුවට විද පසුපස  දොරින් බැස ඉදිරිපස දොරින් ඇතුළුව රියදුරු  අසුන ඉදිරිපිට තැනෙක පසුම්බිය සඟවනු දුටු මගියා අර තරුණයාගෙන් ඇසුවේ ඔබගේ සල්ලි පර්ස් එක තියනවාද? යනුවෙනි. තරුණයා අන්දමන්ද වීය. ඔහුද සිද්ධිය දුටු මගියා, බස්රථයේ රියදුරු හා කතා කරමින් සිටි පොකැට්කාරයාගේ බෙල්ලෙන් අල්ලා ඔවුහු මුදල් පසුම්බිය ගෙන බසය නවතා පොකැට්කරුට තඩි බාන්නට වූහ.



අදහස් (0)

බස් ටිකට් දෙන අතරේ කොන්දොස්තර මගීන්ගේ පොකැට්වලටත් විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site