IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බාස් උන්නැහේ කොහොඹ ගහේ පැටලිලා

(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
ගොවියකු වූ ඔහු සිව්දරු පියෙකි. බිරිඳ ගෘහණියකි. ගොවිතැනින් ප්‍රමාණවත් ආදායමක් නොලැබුණ නිසා පවුල ගැටගසා ගන්නේ යන්තමිනි.


දරුවන් සිව්දෙනාම ඉගෙන ගන්නා වයසේ අය නිසා වියදමත් සැරය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිනපතා මුදල් අවශ්‍ය විය. එහෙත් නිවසේ කිසිදු මුදලක් නැත.


උගස් කිරීමට රන් භාණ්ඩයක්ද නොවීය. ණයට ඉල්ලා ගැනීමට කෙනෙක්ද නැත.


එවිට ඔහුට සිහියට ආවේ නිවසේ ඇති විශාල කොහොඹ ගසය. මෙය විකුණා ගැනීමට ඔහු ගියේ වඩුමඩුව හිමි වඩුබාස් උන්නැහේ ළඟටය.


බාස් උන්නැහේ මගේ කොහොඹගස ගන්න මුදල් හදිස්සියක් නිසයි විකුණන්නේ ඔහු කීය.


මගේ ගාන රු. 1500 යි. කැමැතිනම් දෙන්න වඩුබාස් උන්නැහේ කීය.


අනේ ඒ ගානට නම් දෙන්න බැහැ. ගහ ඔහේ තිබ්බාවේ ඔහු කීවේය.


නිවසට පැමිණි ඔහුට මතක් වූයේ අපූරු උපායකි. එය ක්‍රියාත්මක කිරීමට ඔහු ගියේ හොඳම මිතුරා හමුවීමටය.


මට උදව්වක් කරපං වඩුමඩුවේ වඩු බාස් උන්නැහේගේ ගෙදර ගිහින් කොහොඹ ලීයෙන් මෙච්චර ලෑලි ප්‍රමාණයක් අවශ්‍යයි. දොර උළුවහු කඳං කීපයක්ද අවශ්‍යයි කියලා ඉල්ලපං ඉක්මණින් හදල දෙන්න කියාපං පුළුවන්නම් ඇඞ්වාන්ස් එකකුත් දෙන්න හදපං යනුවෙන් මිතුරාට කීවේය.


මිතුරා පසුදින වඩුමඩුවට ගොස් තම මිතුරා කී ආකාරයටම කොහොඹ ලී ටික හදාදෙන ලෙස වඩුබාස් උන්නැහේගෙන් ඉල්ලීමක් කළේය. ඉක්මනින් වැඩය කරවා ගැනීමට ඇඞ්වාන්ස් එකක්ද දීමට සූදානම් විය.


නෑ නෑ ඇඞ්වාන්ස් අවශ්‍ය නැහැ. අපි නොදන්නා අය නොවෙයිනේ. සියලු තොරතුරු කියා ඇඞ්වාන්ස් මුදලක් දීමට මිතුරා සූදානම් වනවිට වඩුබාස් උන්නැහේ කීය.


වඩු බාස් උන්නැහේ ලී ඕඩරය ඉක්මනින් දීම සඳහා පසු දින උදෙන්ම ගියේ කොහොඹ ගස අයිති පුද්ගලයා සොයාගෙනය.


කමක් නැහැ දෙන්න කලින් මුදලට කොහොඹ ගහ යනුවෙන් වඩුබාස් උන්නැහේ කීය.


බැහැ. දැන් කොහොඹ ගහේ ගාන රුපියල් 5000 යි කැමැතිනම් ගෙනියන්නට මට දැන් වික්කත් එකයි නැතත් එකයි ඔහු පැවසීය.


වඩු බාස් මඳක් කල්පනා කර හ්ම්..... කමක් නැහැ. ගහ දෙන්න මං ඒ ගානට ගන්නම්. යනුවෙන් වඩුබාස් උන්නැහේ කියා මුදල් එවලේම දුන්නේය.


වඩු බාස් එදිනම කොහොඹ ගස කපා ලී කදන් ලී මඩුවට ගෙන ගියේය.


පසු දින ඉල්ලන ලද ලී ඕඩරය ද වඩු බාස් සකස් කළේ ලී ඉරන යන්ත්‍ර උපයෝගී කර ගෙනය.


එහෙත් දින සති විය. සති මාස විය. කොහොඹ ලී ඕඩරය ගෙන යන පාටක් නැත. මිතුරා පළාතේ ආවෙත් නැත. දැක්කෙත් නැත.


එහෙනං හොර තක්කඩියට මාත් අසුවුණා දිනක් වඩු බාස් උන්නැහේ තමාටම කියා ගත්තේය.

 



අදහස් (0)

බාස් උන්නැහේ කොහොඹ ගහේ පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site