IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා

වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි.  බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියහ. බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙකි. ඔහු අධික ලෙස  බීමත්ව සිටියේය. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය. ඔහු එක්වරම පිටුපස අසුනේ සිටි තරුණ පෙම් යුවළ දුටුවේය. ඔවුන් දෙස පරික්ෂාවෙන් බැලූ හෙතෙම මගීන් අතරින් රිංගා ඔවුන් වෙත ළංවෙද්දී තරුණිය බිමට නැඹුරු වෙමින් සිය මුහුණ සඟවා ගැනීමට තැත් කළාය. එහෙත් ඇගේ උත්සාහය අසාර්ථක වූ සෙයකි. ”ඔළුව උස්සපන් ජයංගනී” හේ උස් හඬින් කියද්දී ඇය තම මුහුණ තව තවත් සඟවා ගැනීමට තැත් කළාය. ”උඹ පංති යනවා කිය කියා යන්නෙ  ඕකටයි එහෙනම්. යමංකො අද ගෙදර මම උඹේ මහ මිනිහට කියල කරවන්නන් හොඳ සාත්තුවක් ” බීමත් පුද්ගලයා හඬින් කියවන්නට විය. ”අංකල් තමුසෙ බිව්වා නම් පාඩුවේ ඉන්නවා” ඉවසා දරාගත නොහැකි තැන ඇගේ පෙම්වතා උස් හඬින් කීවේය. ”මොකක්ද බොල කිව්වේ? කියමින් කෝපයට පත් බීමත් පුද්ගලයා අඩියක් දෙකක් පෙරට ආවේය. බසයේ සිටි මගීහු ඔහු වළක්වා ගත්හ. බසය හබරාදුව බස් නැවතුම්පොළේ නතර කළ විට තරුණිය ලජ්ජාවෙන් බිම බලාගෙන කඩිනමින් බසයෙන් බැස යන්නට ගියාය. බීමත් අය වැනි වැනී ඇය පසුපසින් යන්නට ගියේය.



අදහස් (0)

බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා

eye Thursday, 24 November 2011 08:27 AM

ලැජ්ජාවක් නැතිව බස් ඇතුලෙ පෙම් කරනවට හොද පාඩම.

:       0       0

දුමින්ද Tuesday, 22 November 2011 01:32 PM

නියමයි

:       0       0

බස් මගියෙක් Tuesday, 22 November 2011 10:01 PM

බස් එකේ ලව් කරන්න එපා.

:       0       0

mip මැදගෙදර Wednesday, 23 November 2011 01:15 AM

බස් තියෙන්නෙ ආදරය කරන්න නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site