IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බස්රිය නතර නොකළැයි උරණ වූ මගියා කොන්දොස්තරට පහර දීලා

(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ සිට වේළිඔය නගරය දක්වා ධාවන වූ  ශ්‍රී ලංගම  බස්රථයක් නියමිත නැවැතුමේ නතර කොකළැයි උරණ වූ මගියකු කොන්දොස්තරවරයාට  පහරදීමේ සිද්ධියක් බළංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 

 
පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලබයි.


පහරදුන් බව කියන බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි  තිස්  හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


බලන්ගොඩ නගරයේ සිට වේළිඔය දක්වා ධාවනය කෙරෙන  බස්රථයට එම  පුද්ගලයා  බලන්ගොඩ නගරයේ ටෙලිකොම් හන්දියෙන්  ගොඩවී ඇත. 


ඔහු එම බස්රයේ  ගමන්කර කිරමැටිතැන්න ප්‍රදේශයේදී බස්රථයෙන්  බැසීම සඳහා  බෙල්එක  නාද කර තිබේ.  එය නාද නොවීම හේතුවෙන්  බස්රථය නොනවත්වා ඉදිරියට ධාවනය  කළා  යැයි  පවසමින්  එම මගියා  කොන්දොස්තරවරයාට  පහරදී  තිබේ. 


බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ආර්.ජි. කේ. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි දයානන්ද (53427), නුවන් (39448), ආරියසේන (32186) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 



අදහස් (0)

බස්රිය නතර නොකළැයි උරණ වූ මගියා කොන්දොස්තරට පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site