IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

ගාලූ පාරෙන් ඈත පළාතකට ඇදෙමින් තිබූ බස් රියේ සෙනග සිටියේ ආසන ගණනට පමණි. ඇතැම් නැවතුම් ස්ථානවල දී විනාඩි ගණන් නතර කර තබමින් මගීන් සෙවීමට සිදු වූයේ එනිසාය. වෙනදාට දුර යන මගීන් ගැන පමණක් සිතූ කොන්දොස්තර තැන එදින රුපියල් 9ක කෙටි දුර මගීන් ද පැටවීමට උත්සාහ ගත්තේය. කොන්දොස්තරගේ උත්සාහය හරි ගියේය. දැන් බසය පිරෙන්නට මගීන් ඇත. මගීන් කිටි කිටියේ පටවන කොන්දොස්තර හරි යාං කියන වචනය කී සැණින් රියදුරු පවනට බඳු වේගයෙන් බස් රථය ඉදිරියට රැගෙන යයි. බස් රථයේ ගීත පටි යන්ත‍්‍රයකින් නිකුත් වන සංගීතයේ හඬ ද මගීන්ගේ කන් අඩි පැලෙන තරමට ප‍්‍රබලය. හරි යාං! රියදුරුට ඇසුණි. සුපුරුදු වේගයෙන් බසය ඉදිරියට ඇදුනි. දොරටු දෙකෙහිම සිටි සෙනග අතරින් කොතැනකින් හෝ කොන්දොස්තර ද එල්ලෙන අයුරු දැක ගත හැකි විය. නැවතුම් පොළවල් කීපයක දී එසේ කළ ද කොන්දොස්තරට තව තැනක දී වැඬේ වැරදී බසයට නැග ගැනීමට බැරි විය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. නැවතුම් පොළවල් හතරක් පමණ පසුවූ සැණින් ත‍්‍රිරෝද රථයක් බස් රථය ඉදිරියෙන් නැවැත්වූයේය. මොන මගුලක් ද බං  ඕක වහලා දාපං කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ. ඇඟිලි අතරේ රඳවාගෙන සිටි මුදල් නෝට්ටු අතරින් රුපියල් 150ක් ත‍්‍රිරෝද රථ රියදුරාට දුන් කොන්දොස්තර බස් රථයේ දොරටුවක එල්ලී ආවේගශීලී හඬකින් යළිත් කීවේ හරි යාං කියායි.



අදහස් (0)

බසයේ සිංදුව අස්සේ කොන්දොස්තර අතරමඟ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site