IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


බසයේ කවුළුවට රණ්ඩු කළ දෙදෙනාට අපූරු දඬුවමක්

බැලූ හැම පැත්තෙම මීදුමයි. දකුණු පළාත් මායිමේ සිට අගනුවරට එන බසයකි. දහවලට මෙන් වාහන රෝද අතරින් ඇවිස්සෙන දුහුවිල්ල එතරම් නොවීය. දිනපතා බසයේ යන්නවුන් කවුළු අයින් අල්ලා වාඩිවී සිටින අතර ඇතැමෙක් හිස පහතට නමාගෙන නිදති. ඇතැමෙක් තමා අසල වාඩි වී සිටින්නාට බර දී බෙල්ල පද්දමින් නිදති. මෙසේ මීදුම කපාගෙන අගනුවරට එන අනෙක් බස් රථවල සේම මෙහි ද කවුළු සියල්ල උදෑසන වසා තිබූ අයුරින්ම තිබේ. මොරටුව ආසන්න වෙද්දීම බසය අතුරු සිදුරු නැති තත්ත්වයක් ඇති විය. බසයේ හිටගෙන සිටි මගියෙක් වේගයෙන් කවුළුවක් විවර කළේය. ඒත් සමගම කවුළුව අසල අසුනේ වාඩිවී සිටි මගියා දැස් විවර කොට බලා කවුළුව නැවතත් වැසුවේය. හිටගෙන සිටි මගියා දත් කූරු කමින් නැවතත් වීදුරුව විවර කරමින් මෙසේ කීය. අරිනවා වීදුරුව, අපි තැම්බෙනවා. ඉඳගෙන සිටි මගියා නැවතත් වීදුරුව වසා තැම්බෙනවා තැම්බෙනව නම් තුන පහ ටිකක් දාගන්නවා..යැයි ගුගුරමින් කීවේය. තුන පහ... තුන පහ... මම කියන්නෑ තුනපහ දාගන්න හැටි එවර හිටගෙන සිටි මගියා මඳ සිනාවකින් යුතුව අවඥාවෙන් මෙන් එසේ කියමින් නැවතත් වීදුරුව විවර කළේය. මොකද දත් නැතිව බත් කන්න ආසද? වාඩි වී සිටි මගියා ඉතා ආවේගයෙන් ඇසීය. බත් කන්න...බත් කන්න තියෙනව නම් කොච්චර හොඳද දත් නැතිව හරි අද හාල්වල ගණන් හැටියට චූ...ස් ඒත් සමගම පළාත දෙවනත් කරන හඬක් සමගම බසය මාර්ගයෙන් අයින් කැර නැවැත්වීය. බස් රථයේ ඉදිරි රෝදයේ හුළං ගොස් තිබිණි. මගීන් සියල්ලන්ටම බසයෙන් බැසීමට සිදුවිය. කවුළුවට රණ්ඩු කළ දෙදෙනාම මඳ වේලාවක් තිස්සේ බලා සිට මාර්ගයේ වෙනත් බසයකට ගොඩ වී එකම තැනක හිටගෙන යනු දැකගත හැකි විය.



අදහස් (0)

බසයේ කවුළුවට රණ්ඩු කළ දෙදෙනාට අපූරු දඬුවමක්

දමිත් Tuesday, 18 December 2012 12:06 AM

සමහරු දකුණත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ (ස)

:       0       0

ගාල්ලගේ Friday, 14 December 2012 01:58 PM

ඔය මායිමේ ඉඳලා එන කට්ටිය ඔහොම තමා. කවදාවත් හදන්න බැහැ. (නි)

:       0       0

දයා Saturday, 15 December 2012 11:50 AM

දෙන්නටම දුන්නනම් දුම් විසික්වෙන්න (දී)

:       0       0

නිමන්ත Friday, 14 December 2012 09:09 PM

සිද්ධිය වුණේ මොරටුව, බස් එක ආවෙ දකුණු පළාතේ මායමින්. හැබැයි දකුණට බනින්න බලාගෙන ඉන්න අයට ඒකත් ඇති. (ස)

:       0       0

ඉෂාරා Sunday, 16 December 2012 01:02 PM

ජනතාව බස් වල හිරවෙලා යද්දී දේශපාලඥයින්ට ලැම්බොගිනි. තව ලැජ්ජා නැතුව ඡන්දෙත් දීපල්ලකෝ. (නි)

:       0       0

දොම්පේ Friday, 14 December 2012 09:51 PM

දකුණේ අයට දැන් මොළේ නැහැ වගෙයි. (නි)

:       0       0

සහන Saturday, 15 December 2012 12:22 PM

කාලෝචිත දඬුවමක් (දී)

:       0       0

සහන් Saturday, 15 December 2012 12:18 PM

දෙන්නම බැස්සුවනම් හරි (දී)

:       0       0

Asiru - Meegahathenna Saturday, 15 December 2012 10:07 PM

ඕව ලියන්නත් දෙයක්ද. බස් වල වෙන ඒවා ලිවිවොත් වෙනම පත්තරයක් ගහන්න පුලුවන්... වැදගත් දේවල් ලියනව නමි වඩා හොඳයි

:       0       0

දමිත් Tuesday, 18 December 2012 06:29 AM

විකාර වැඩ (දී)

:       0       0

ගීත් Saturday, 15 December 2012 12:24 PM

දකුණු පළාතෙ මායිම කිවුවහම මේක අළුත්ගම බස් එකක් වෙන්න ඕනෑ. ඒ හැර මායිමෙන් වෙන බස් එන්නෙ නෑනෙ. අළුත්ගම අයිති බස්නාහිරට, මේක වුණෙත් මොරටුව හරියේ. ඒ වුණත් බැනුම දකුණට. (නි)

:       0       0

මුතු Saturday, 15 December 2012 10:48 PM

සාමකාමිව ප්‍රශ්න විසදන ක්‍රමයක් (දී)

:       0       0

ප්‍රසන්න Friday, 14 December 2012 03:45 PM

ඒ කියන්නේ අන්තිමට මේ දෙන්නගෙත් හුළං ගියා. (නි)

:       0       0

සෑම් Friday, 14 December 2012 04:09 PM

මේකට හිනා යනවද මන්දා? (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 15 December 2012 01:04 PM

බසයේ හුළං ගියේ මගියන් දෙදෙ‍නාගේ රණ්ඩුව නිසාදැයි කියා මට දැනගැනිමට අවශ්‍යයි. (නි)

:       0       0

මධු Friday, 14 December 2012 04:22 PM

කලකින් අහපු හොද කතාවක්. (නි)

:       0       0

සම්පත් Wednesday, 19 December 2012 10:26 PM

බෙන්තර ගගෙන් එහා ඔහොමම තමයි. (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:40 PM

ඉතිං ඊට පස්සේ මොකද වුණේ? (නි)

:       0       0

අසංක Tuesday, 18 December 2012 08:54 AM

ඉතින් ඉතින් ඊට පස්සේ මොකද වුණේ ? (ස)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 09:12 AM

අපිට හරි හිනා, දෙයියෝ සාක්කි. (නි)

:       0       0

සරත් Friday, 14 December 2012 09:37 AM

නියමයි (ස)

:       0       0

ප්‍රසාද් Saturday, 15 December 2012 03:51 AM

කතාව නිකංම ඉවර උනානේ..!(නු)

:       0       0

විමුක්ති Sunday, 16 December 2012 03:52 PM

දකුණේ මිනිස්සු නැත්නම් අද ලංකාවක් නැහැ. (නි)

:       0       0

නිමන්ත Sunday, 16 December 2012 07:03 AM

මේ විදියට දකුණු පළාත ගෑවිච්ච ගමන් ඒකට දකුණු පළාතට හේතුවක් නැතුව අපහාස කරන එක දැන් සමහරුන්ට පුරැද්දක් වෙලා. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 15 December 2012 07:01 AM

කතාවේ අන්තිමට හුළං ගිහිල්ලනේ. (නි)

:       0       0

දකුණගේ Saturday, 15 December 2012 08:23 AM

දකුණු පළාතේ අයට ඔහොම කියන්න එපා. (නි)

:       0       0

වරුණ Friday, 14 December 2012 11:14 AM

සමහර නෝනලත් ඔහොම තමයි. කට ඇරගෙන නිදි. (නි)

:       0       0

සජී Friday, 14 December 2012 11:20 AM

අයියෝ! දකුණු පළාතට ඕක එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි. (නි)

:       0       0

සකු Saturday, 15 December 2012 03:56 PM

මාරු වැඩේ (දී)

:       0       0

නිපුණ Sunday, 16 December 2012 09:47 AM

මටත් හිතෙන්නෙ මේක අළුත්ගම කොළඹ බස් එකක් කියල. මොනව වුනත් රණ්ඩුවක් වුනත් ඔය වගේ නිර්මාණශීලීව යනව නං හොඳයි අනිත් අයටත් හිනාවෙන්න. (දී)

:       0       0

සෆීක් Saturday, 15 December 2012 04:09 PM

මේක ඇත්ත කතාවක්ද (දී)

:       0       0

අකිල Friday, 14 December 2012 07:04 PM

ඔයා හරි මධු. (නි)

:       0       0

ශානිකා Saturday, 15 December 2012 10:31 AM

ඇයි මේ හැමදෙයක්ම දකුණෙම වෙන්නේ? (නි)

:       0       0

රුවන් Monday, 17 December 2012 04:09 PM

ඔහොම වෙන්න ඕන (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1145 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site