IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බසය ඇතුළේ ගඟක් ගලලා

අගනුවරින් මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය බලා දිවයන රාත්‍රි බස්රථයක ගමන් ගත් බීමත් පුද්ගලයකුට සිදුවූ අපුරු සිදුවීමකි මේ.


 හොඳින් හැඳ පැළඳගත් තරුණ වියේ අයෙක් ගමන් මල්ලක් රැගෙන පිටකොටුව බස්පොළෙන් දිවුලපිටිය බලා දිවනෙ බස්රථයකට ඉකුත් සිකුරාදා රාත්‍රියේ නැග ගත්තේය.


 බසය තුළ ඒ මේ අතට  හැරෙමින් මගීනට  හිරිහැරයක්වූ ඔහු කොන්දොස්තරවරයා සමගද බහින්බස් වුයේය.   


ඔහු  විටෙක ඒ අතටත් විටෙක අනෙක් අතටත් ඇඹරෙමින්ද අසුන්වල  එල්ලෙමින්ද ගමන් කිරීම මගීන්ට මහත් හිරිහැරයක් විය.


මේ තත්ත්වය නිසා ඔහු අතර මගින් බස්සවන්නැයි මගීහු කෑ ගැසූහ.


එවිට බසය පාරේ  අයිනකට කර නැවැත්වූ  රියැදුරු “බසයේ මගීන්ට අවහිරයක් නොවන ලෙස යාමට නොහැකි නම් බසයෙන් එළියට ඇද දමනවා හැර වෙනත් කළ හැකි කිසිවක් නැතැ”යි  තදින් පැවසීය.


බීමත් මගියා නිසොල්මන්ව සිටියේය. එවිට බසය යළි ගමන ආරම්භ කළේය. 


බසය කලබලයකින් තොරව ඉදිරියට යද්දි එක්වර මහා ගෝසාවක් ඇති විය.


 “බසය ඇතුළේ වතුර හලලා පෑගෙයි... පෑගෙයි.” වැඩිදෙනා කෑ ගසන්නට වූහ


බසය  ඇතුළේ වතුර  ගලන්නට විය. විපරම් කර බලද්දී  බීමත් පුද්ගලයාට කරදරයක්වී ඇති බව කාටත් වැටහුණි.


 බසය නතර විණි. එහි සිටි තරුණයෝ කිහිප දෙනෙක් බීමත් අය නැගිටුවා බෑගයද අතට දී අයුරු බස් නැවතුමක් අසල බැස්ස වූහ. 


බීමත්  පුද්ගලයා “ආ....මේ. .. මේ අපේ ගේ ළඟ නේද.... හොඳයි මල්ලිලා බොහොම ස්තුතියි.....” කියා බස් නැවතුම් පොළේ අසුනකට බර වුයේය.


ඉන්පසු දිවුලපිටිය බස්රථය යළි ගමන් ආරම්භ කළේය.
(දූනගහ බටේපොල විජයසිරි)



අදහස් (0)

බසය ඇතුළේ ගඟක් ගලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site