(මහියංගණ - රංජිත් කරුණාවීර)
මගී බස් රථයක වෙන්කර තිබූ ආසනයක වාඩිවී සිටි වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙකු බස් රථයට ගොඩවූ සංඝයාවහන්සේලා පිරිසකට එම ආසනය ලබා නොදී දෙනෝදහක් මගීන් ඉදිරිපිට සිය දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වා මගීන්ද සමග බස් රථය පොලීසියට රැගෙන යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
කොළඹ - බිබිල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රියකි. බස් රථයේ පූජ්‍ය පක්ෂයට වෙන්කර තිබූ ආසනයේද මගීහු වාඩිවී සිටියහ.
බස් රථය වරකාපොළ ප්‍රදේශයට ලඟා වෙද්දී බසය නතර කළ පසු සංඝයාවහන්සේලා තුන් නමක් ඊට ගොඩ වූවේ බිබිල නගරය වෙත යාමේ අපේක්ෂාවෙනි.
සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබා දීමට එහි වාඩිවී සිටි පිරිසක් කැමැත්ත පළ කළද එහි සිටි වෛද්‍ය අධිකාරීවරයෙකු යැයි කියාගත් අයෙකු ක්‍රියා නොකිරීම නිසා ඊට මැදිහත්වූ කොන්දොස්තරවරයා සංඝයාවහන්සේලාට හිමි ආසනය ලබා දෙන ලෙස ඔහුගෙන් කාරුණික ඉල්ලීමක් කළේ එය සිදුවියයුත්තක් බවට ඒත්තු ගන්වමිනි. එහෙත් ආසනය දීම ප්‍රතික්ෂේප කළ හෙතෙම කොන්දොස්තර සමග පැටළුණේ සිය අයිතිවාසිකම් පිළිබඳව පවසමිනි. දෙපිරිස අතර ඇතිවූ කතාබහ බැණ ගැනීමක් දක්වා දුර දිග ගිය අතර එහි සිටි රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ලෙස හඳුන්වාගත් පුද්ගලයා සිද්ධියට විරෝධය පාමින් මහනුවර නගරයෙන් බැස ගියේ දැඩි කෝපයකිනි.
අනතුරුව හෙතෙම ඒ පිළිබඳව සිය දේශපාලන ඥාතියෙකුට ද ඒ බව දුරකතනයෙන් දැන්වීමට ක්‍රියා කළ අතර දේශපාලකයාගේ අනුහසින් බස් රථයේ ගමනාන්තය වෙනුවට මගීන්ද සමග බස් රථයට මහියංගණ පොලීසිය වෙත යාමට සිදුවිය. මේ හේතුවෙන් බිබිල බලා යාමට පැමිණි මගීහුද දැඩි අපහසුතාවකට පත්වූහ.
අවසානයේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතාට ද මැදිහත්වන්නට සිදුවිය.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බසයේ අසුනක් බෙදාගන්න බැරිව දොස්තර දේශපාලන හයිය පෙන්වලා
jayantha Thursday, 14 June 2018 03:59 AM
ඔහොම හැසිරුණහම දොස්තරට ලැජ්ජයි....
lanka Thursday, 14 June 2018 05:21 AM
දොස්තරලානේ. දැන් ඉන්න දොස්තරලට හැදියාවක් නෑ