IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


බසයේදී බෑගය තියාගන්න දුන් කත දුරකථනයට වැඬේ දීලා

කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු බසයක් මගීන්ගෙන් පිරී පැවැති අතර, එම බසයේ ඉදිරිපස අසුනක, වයස අවුරුදු 60ක පමණ වන ගුරු මාතාවක් අසුන්ගෙන සිටියාය. 

එම බසය ටික දුරක් යනවිට අවුරුදු 25-30 අතර තරුණ කාන්තාවක් කුඩා දරුවකුද සමඟ ගොඩවූ අතර, ඇය දරුවා වඩාගෙන බසයේ හිටගෙන යනු දුටු ගුරු මාතාව තම අසුනෙන් නැගිට තම ආසනය ඇයට පිරිනමා තම අත වූ බෑගයද ආරක්‍ෂා කිරීමට ඇයට දුන්නාය. එම බසය කිලෝමීටර් කීපයක් දුර ගිය පසු තරුණ කාන්තාව ගුරු මවට ආසනය සමඟ බෑගය ආපසු දී බසයෙන් බැස ගියාය.

බසය ටික දුරක් ගිය පසු ගුරුතුමියට හදිසි දුරකථන ඇමතුමක් දීම සඳහා බෑගය ඇර බලන විට බෑගය තුළවූ තම ජංගම දුරකථනය සහ රුපියල් හයදහසක මුදල් අතුරුදන්වී තිබෙනු දැක ඇය සෙසු මගීන්ට කියා සිටියේ බෑගය තියාගත් කාන්තාව බෑගයේ තිබුණු මුදල් සහ දුරකථනයද රැුගෙන බැස ගොස් තිබෙන බවයි.



අදහස් (0)

බසයේදී බෑගය තියාගන්න දුන් කත දුරකථනයට වැඬේ දීලා

අදිකාරම් Tuesday, 01 December 2015 07:21 AM

ඒකනේ සමහර අය නිදාගෙන වගේ යන්නේ (නි)

:       0       0

නිශාන්ත ප්‍රදීප් Wednesday, 02 December 2015 06:29 AM

අම්ම කෙනෙක් ඔහොම දෙයක් කරයි කියල හිතන්නවත් බැහැ. මොනව කරන්නද, අහිංසක ටීචර් (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 December 2015 08:06 AM

ගුණධර්ම පිරිහීම තමයි මේ කතා තුළින් අපිට පසක් වෙන්නේ (නි)

:       0       0

නිහාල් Tuesday, 01 December 2015 08:14 AM

මෙහෙමත් හොරු! (නි)

:       0       0

දුල්මි Tuesday, 01 December 2015 08:31 AM

මම නම් ළමයින් වඩාගෙන බස් වලට නඟින අයට සීට් එක දෙනවාට එහා ගනුදෙනුවක් නැහැ. (නි)

:       0       0

සංජය Tuesday, 01 December 2015 08:42 AM

සිංහලයාගේ හැටි දැන් කාලේ. (ස)

:       0       0

ජෙහාන් Tuesday, 01 December 2015 09:12 AM

මේ උදවිය හිතන්නේ ළමයි වඩාගෙන ඉන්නකොට සමාජවිරෝධී වැඩක් කරන්නේ නැහැ කියලා මහජනයා සාමාන්‍යයෙන් විශ්වාස කරන නිසා ඒකෙන් ප්‍රයෝජන ගන්න. (නි)

:       0       0

භාතිය Tuesday, 01 December 2015 09:37 PM

ඔය කාන්තාව සමහරවිට දවසේ කුලියටගත් ළමයෙක් යොදාගෙ‍න කරන රස්සාවක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

චන්න Tuesday, 01 December 2015 09:39 PM

ඔච්චර දෙයක් වෙනතුරු බෑගය දුන් කෙනා මොනවද කළේ? (නි)

:       0       0

ලාල් Tuesday, 01 December 2015 09:44 AM

මේ කාලේ ඔය වගේ දේවල්ද වෙන්නේ? (නි)

:       0       0

විජේ Tuesday, 01 December 2015 10:25 AM

අදිකාරිගේ සටහන බැලුවිට මට මතක් උනේ මට ගුවන් යානයකදී මුහුණ දෙන්න උන අප්‍රසන්න සිදුවීමක්. මගේ අසුනට යාබදව අසුන් ගෙන සිටියේ සුන්දර චීන යුවතියන් දෙදෙනෙක්. විටින් විට එම දෙදෙනා අතරින් පිටවෙන කිසියම් දුගදක් ඉවසාගන්නම බැරි තැන වෙන අසුනකට හෝ යන්නට බැරි උනේ යානය පිරෙන්නම මගීන් සිටි බැවින්. එම යුවතියන් යාබද සිටි මා ගැන නොසලකාම ගමන අවසාන වෙන තුරුම සිටියේ බොරුවට නිදාගෙන.ගමන පිටත් උනේ හිමිදිරියේම නිසා වැසිකිලි,කැසිකිලි යන්න වෙලාවක් නැතුව ඇති.මතක් වෙනකොටත් ඔක්කාරෙට එනවා.මේ වාගේ දේවල් වලටත් සමහරු නින්දට යනවා. (ස)

:       0       0

ජෙහාන් Tuesday, 01 December 2015 11:15 AM

ළමයින් වඩා ගෙන ඇවිත් කඩ සාප්පු වලින් භාණ්ඩ , ඇඳුම් හොරකම් කල අවස්ථාත් ඔය පසුලිය කාලයේ ආරංචි වුනේ. ඔය වඩාගෙන හිටපු ළමයාත් සමහරවිට වෙන කෙනෙකුගේ වෙන්න පුළුවන්. (ස)

:       0       0

සුපුන් Tuesday, 01 December 2015 12:55 PM

විජේ මෙතන චීන යුවතියන් කියලා කිවුවේ නැත්නම් අපේ කට්ටිය සුපුරුදු විදිහට මේ පාටක සභාවේ බවලතියන් තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ කියලා කියනවා සිකුරුයි. (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Tuesday, 01 December 2015 01:16 PM

අපේ සමහර අය ගුවන් යානාවල යනකොට හැසිරෙන විදිය නම් හරිම අප්‍රසන්නයි. විශේෂයෙන් ඉන්දියන් අය. (නි)

:       0       0

චාරුකා Tuesday, 01 December 2015 01:33 PM

ඔන්න ඕකයි තත්ත්වේ.(හේ)

:       0       0

මේනක Tuesday, 01 December 2015 01:55 PM

මම නම් ඉස්සර බෝම්බ පිපිරුණ කාලේ සිටම බස් වල යනකොට කාටවත් මගේ බෑග් එක දෙන්නෙත් නැහැ, අනුන්ගේ බෑග් ගන්නෙත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1263 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site