IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බසයේදී ආරූඪ වෙලා කතක් මිතුරියට අම්බානක නෙළලා

රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා                                                                                                                                          
පැල්මඬුල්ල නගර මධ්‍යයේ දී පෙරේදා 19 වැනිදා දහවල් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ තවත් කාන්තාවකගෙන් ප්‍රශ්න කිරීමේ දී  ආරූඪයක්  ආරෝපණයවීමෙන් ප්‍රහාරය එල්ල කළ බව පවසා ඇත.  
එකට පැමිණි  මිතුරියන් දෙදෙනා පෙරදින රාත්‍රී නවාතැන්පොළක කාමරයක් ගෙන නැවතී සිටි බවද පොලිසියේ දී අනාවරණය විය.                
දෙනෝ දාහක් මැද එක්  කාන්තාවක තවත් කාන්තාවකට කෙහෙවළු පටලවාගෙන පහරදීම් සිදු කරගන්නා ආකාරය නගරයේ සිටි ජනතාවට දැකගන්නට ලැබී ඇති බව පොලිසිය කියයි. එක් කතක ආවේගශීලිව කලහකාරි ලෙස හැසිරුණු ආකාරය ඒ අවස්ථාවේදී පැල්මඬුල්ල නගරයේ සිටි පිරිසට දකින්නට ලැබී තිබිණි.                                                                      
විනාඩි විස්සකට ආසන්න කාලයක් මෙම ප්‍රහාරය සිදු වෙද්දි කිහිප දෙනෙක් එය වැලැක්වීමට උත්සාහ ගත්හ. පසුව පැල්මඬුල්ල පොලිසියේ නිලධාරින් ද නිලධාරිණියෝ ද පැමිණ කාන්තාවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියහ.   
නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තාව සන්සුන් වු පසුව පොලිසියට පවසා ඇත්තේ තමාට ආරූඪයක් වැසුණු බවයි. තමා සමග පැල්මඬුල්ල නගරයට පැමිණි මිතුරියට ඒ නිසා පහර දෙන්නට ඇතැයි ද පහරදීමක් සිදුවූවා ද කියා තමා නොදන්නා බවද ඇය පොලිසියට ප්‍රකාශයක් කර තිබේ. 
එක් කාන්තාවක අනුරාධපුරයේ බවත් අනෙක් කාන්තාව කොළඹ ප්‍රදේශයේ බවත් පොලිසිය පවසයි.                                                                            
බස් රථයක් තුළට නැගගත් පසු බසය තුළදී ආරූඪවීමෙන් ඇය නොසන්සුන් ලෙස හැසිරුණු නිසා ඇය බසයෙන් බස්සවා ගත් පසු ඇය ආරූඪයෙන් තමාට පහරදුන් බව මිතුරිය ද පොලිසියට පවසා තිබුණි.  කාන්තාවන් දෙදෙනාගේ කැමැත්තෙන් සිද්ධිය සමථයකට පත් වූ නිසා ඔවුන් මුදාහැරිය බව  පොලිසිය පවසයි.  

 



අදහස් (0)

බසයේදී ආරූඪ වෙලා කතක් මිතුරියට අම්බානක නෙළලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17652 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site