(තිහගොඩ උපසේන ලියනගම)
ගෙවත්තේ තිබූ දෙල් ගසක ගෙඩි විශාල ප්‍රමාණයක් වූ හෙයින් ඒවා කඩා වෙළෙඳ සලකට ගෙන යාමට ගෝනියක දමා බැඳගත් ඔහු මේ සඳහා බසයෙන් යාමට සිල්ලර කාසි කීපයක් සොයා ගත්තේ අමාරුවෙනි.
බසයට නැග දෙල් ගෝනියද පටවාගත් ඔහු සුපුරුදු බස් ගාස්තුව කොන්දොස්තර තැනට දුන්නත් ඔහු එය ගැන බලා කීවේ තවත් රුපියල් හැටක මුදලක් අඩු බවය.
‘‘දැන් බස් ගාස්තු වැඩි කරලා. ඒ එක්කම දෙල් ගොනියේ බරටත් ලැගේජ් කඩනවා. තව රුපියල් අසූවක් දෙන්න’’ ඔහු කීය.
තම සන්තකයටම ඇත්තේ සොයාගෙන ඇති මුදල බව කියුවත් කොන්දොස්තර තැන කීවේ හිඟ මුදල ගෙවිය නොහැකිනම් බසයෙන් බසින හැටියටය.
මඳක් සිතූ ඔහු දෙල් ගෝනියෙන් ගෙඩියක් ගෙන ඔහුට දිගු කළේ ‘‘ඒකට මේක හිලව් කර ගන්න’’ කියමිනි. මෙය බාර නොගෙන ගමනට අවසර ලැබෙතැයි සිතුවත්’’ ඔයගොල්ල වගේම අපිත් අමාරුවෙන් ඉන්නේ’’ කියමින් එම දෙල්ගෙඩිය ගෙන ඔහු බසයේ ඉදිරිපස වූ මල්ලකට දැමූ අතර දෙල් ගෙනා තැනැත්තාට දෙවියන් සිහිවුණාලු.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බසයට සල්ලි මදි වී දෙල් ගෙඩියක් හිලව් කරලා