IMG-LOGO

බලු සටනේ සාම නියෝජිතයා දෙපැත්තෙන්ම ප්‍රහාරයට ලක්වෙලා

(හසලක සුනිල් ඒකනායක)
බල්ලන් දෙදෙනෙකු අතර ඇති වූ සපාකා ගැනීමේ පොරයක් බේරන්නට අතර මැදට ගිය ගැමියෙකුට එම බල්ලන් සපාකෑමෙන් රෝහල් ගත වෙන්නට සිදුවූ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


වාර්තාවෙන අන්දමට සිද්ධිය මෙසේය. මෙදින සවස ගැමියෙකු හමුවන්නට අසල්වැසි ඥාතියෙකු පැමිණියේය. ඔහු සමග  ඔහුගේ නිවසේ ඇතිදැඩිකරන සුරතල් බල්ලාද පැමිණියේය. අසල්වැසියා නිවසට ගොඩවෙනවාත් සමගම එම නිවසේ ඇතිදැඩි කරන ඒ වනවිට ගෙවත්තේ සිටි බල්ලා අසල්වැසියාට බුරාගෙන පැමිණි අතර අසල් වැසියා අසලට එම බල්ලා යනවාත් සමග ඔහු සමග පැමිණි ඔහුගේ බල්ලා එය වලක්වාලීම සඳහා නිවසේ බල්ලා අසලට ගොස් එම බල්ලාගේ ගමන වලක්වාලීය.


මෙයින් කෝපයට පත් නිවසේ බල්ලා පෙරලා අසල්වැසියාගේ බල්ලා වෙත පැන සපාකන්නට විය. මෙම ගැටුම බේරන්නට නිවැසියා හා අසල්වැසියා කොපමණ උත්සාහ කළත් එම බලු පොරය නතර කිරීමට නොහැකි විය. ඒ නිසා නිවැසියා බලු පොරය මැදට පැන තම බල්ලාව අල්ලාගෙන පසෙකට යෑමට උත්සාහ කළේය. එහෙත් සිදුවූයේ අනෙකකි. මෙයින් කෝපයට පත් බල්ලන් දෙදෙනාම නිවැසියාගේ ඇඟට පැන ඔහුව සපාකෑමට පටන්ගත්තේය. එහිදී අසල්වැසියා පසෙක තිබූ පොල්ලක් ගෙන බල්ලන් දෙදෙනාටම පහරදී පලවාහැර බල්ලන් සපාකෑමෙන් තුවාල ලැබූ නිවැසියාව වහා රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට පියවර ගත්තේය.

 



අදහස් (0)

බලු සටනේ සාම නියෝජිතයා දෙපැත්තෙන්ම ප්‍රහාරයට ලක්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 522 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site