IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බයවෙලා

රාත‍්‍රියේ සැරිසරන යකුන් ගැන කතා මේ පළාතේද නොතිබුණාම නොවේ. එහෙත් මේ වනතුරු එවැනි යකකු දුටු අයකු  නම් සොයා ගැනීමට නොලැබුණි. සැමියා දුර බැහැරක මළගෙයකට සහභාගි වීමට ගිය දිනයේ  සීලවතී තම දරු තිදෙනාත් සමඟ නින්දට ගියේ ගෙයි දොර ජනෙල් ද හොඳ හැටි වසා තබමිනි. ඔරලෝසුවේ වෙලාව  මැදියම් රැයද පසුවී තිබුණි. නිවසේ ඉදිරි දොරට කිසිවකු  සිහින් හඬින් තට්ටු කරනු ඇසුනි. සීලවතී හොඳ හැටි කන්දුන්නාය.  තට්ටු කරන හඬ මඳකට නතර විය. යළිත් තට්ටු කරයි. ඇයට යකුන් ගැන සිහියට ආවේ ඉබේටමය. ඇතිවූ බිය මෙතෙකැයි කිව නොහැකි විය. දොරට වරින් වර තට්ටු කරන හඬ යළි යළිත් ඇසෙයි. ‘දැන්නම් මේ එකත් එකටම රාති‍්‍රයට එන යකාමය.’ කිසිම සැකයක් නැත. ඇගේ මුළු ගතම දහඩියෙන් තෙත් විය. ඒ අතර සීලවතීට ගණ දෙවි නුවණ පහළ විය. මඳ දුරක නිවෙසක වෙසෙන තම සොහොයුරාට ඇය ඉතා පහත් හඬින් කතා කොට දුරකතන ඇමතුමක් දුන්නේ යකාට නොඇසෙන්නටය. ”අයියේ ඉක්මනට එන්න අපේ ගෙදෙට්ට යකෙක්  ඇවිත් දොරට ගහනවා”. ඇගේ සොහොයුරාද ඒ අවස්ථාවේම නිවෙසින් පිටත් වූයේ යකා පණ පිටින්ම අල්ලා ගැනීමටය. ඒ එන ගමනේදී තම යහළු හිත මිතුරන් කිහිප දෙනකුද තම ගමනට එකතු කර ගත්තේය. නිවසට ළංවනවිට  මේ පිරිස ඉතා සැලකිළිමත් වූහ. ශබ්දයක් නොනැඟෙන පරිදි ඉතා සීරුවෙන් නිවසට ළංවූ පිරිසට දැක ගැනීමට හැකිවූයේ බලාපොරොත්තු වු යකකු නොවේ. නිවසේ  ඉදිරිපස දොරට හේත්තුවී ඉස්තෝප්පුවේ නිදා සිටින බල්ලෙකි. ඌ වරින් වර තම ඇඟ කසන්නේ ඇඟේ වූ හොරි තුවාල නිසාය. එසේ කරන වාරයක් වාරයක් පාසා උගේ වල්ගය දොරේ හැපේ. සොහොයුරා සමග ගමනට එකතු වූ අනෙක් පිරිස ආපසු තම නිවෙස් කරා පිටත් වූයේ මැදියම් රැයේ තමන්ගේ නින්ද  කඩා කඩිමුඩියේ  තමන් රැගෙන  පැමිණි ගමනේ අවසන් ප‍්‍රතිඵලය පිළිබඳව ඔහුට ඇති වෙන්නට දෙහි කපමිනි.



අදහස් (0)

බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බයවෙලා

කලින්දු රත්නායක Monday, 21 November 2011 08:29 AM

මේක මහ පිස්සු ඇඩ් එකක්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site