IMG-LOGO

බීලා රිය පැදවූ පුතාට ඇප දෙන්න ආ තාත්තාත් බීලා අසුවී එකම කූඩුවේ

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවේ පසුවන පුතාට ඇප ලබාගැනීමට පැමිණෙමින් සිටි පියා ද බීමතින් රිය පැදවීමේ වරදට හසුව පිය පුතු දෙපළටම එකම සිර මැදිරියේ රැය ගත කරන්නට සිදු වූ පුවතක් 1 වැනිදා වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා විය. 


 “අමුත්තන්ගේ රාත්‍රිය”‍ විශේෂ රථ වාහන සෝදිසි මෙහෙයුමක දී මෙම පිය පුතු දෙදෙනා මෙසේ බීමත්ව රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 


විශේෂ මෙහෙයුමේ යෙදී සිටි වේයන්ගොඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් යතුරුපැදිකරුවකු පරික්ෂා කිරීමේ දී ඔහුගේ මත්පැන් ගඳ වහනය වීම හේතුවෙන් පොලිස් ස්ථානයේ දී සිදුකළ ස්වසන නළ පරීක්ෂාවකින් පසුව ඔහු බීමත්ව සිටි බවට අනාවරණයවී පොලිස් සිරමැදිරියට දමා ඇත.


අත්අඩංගුවට පත් පුත්‍රයාට ඇප ලබා ගැනීම සඳහා යතුරුපැදියකින් පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි ඔහුගේ පියා වේයන්ගොඩ කළගෙඩිහේන මංසන්ධිය අසල දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයක පසුපස ගැටීමෙන් රිය අනතුරක් සිදු වී ඇත. 


එහිදී වේයන්ගොඩ පොලිසියේ නිලධාරීන් රිය අනතුර සම්බන්ධව සිදුකළ පරීක්ෂාවේදී එම යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා මත්පැන් පානය කර ඇති බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් පොලිස් සිරමැදිරියට දමා ඇත.


පොලිස් නිලධාරීන් හට දැන ගැනීමට ලැබී ඇත්තේ බීමතින් රිය පැදවීමේ වරදට අත්අඩංගුවට ගත් පුත්‍රයාට ඇප ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිය දී රිය අනතුරක් සිදුකර ගත් මෙම පුද්ගලයා ඔහුගේ පියා බවය.


මතින් සන්තර්පණය වූ පිය පුතු දෙදෙනාටම වේයන්ගොඩ පොලිස් ස්ථානයේ එකම සිර මැදිරියක රාත්‍රිය ගත කරන්නට සිදුවිය.
බීමතින් රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පියපුතු දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.


වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ.එස්. ජයතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

 



අදහස් (0)

බීලා රිය පැදවූ පුතාට ඇප දෙන්න ආ තාත්තාත් බීලා අසුවී එකම කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 444 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site