IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බීලා යන ගමන් බසයක් පෙරළන්න ගිහින්

(කඹුරුපිටිය විශේෂ කේ. අජිත්)


අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ දෙදෙනකු බස් රථය තුළම ගමන් කරමින් එම බස් රථය පෙරළීමට ගොස් අලි අමාරුවක වැටුණු  පුවතක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මැදි වයසේ පසු වූ ඔවුන් දෙදෙනා යහළුවන් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ඉඩම්වල ගල් වැටි බැඳීමයි. දවස පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළ ඔවුන් දෙදෙනා වැඩ හමාර වී සවස් කාලයේ තම ගමට තරමක් දුරින් පිහිටි නගරයට ගියේ දවසේ විඩාව දුරුකර සිරුර උණුසුම්  කරගැනීම සඳහායි.
නගරයට ගොස් මදුවිතෙන් හොඳින් සප්පායම් වූ යහළුවෝ දෙදෙනා ගමට යාම සඳහා බස් රථයකට නැගී එහි සිටින අයට උසුළු විසුළු කරමින් හා නොසරුප් වචන කතාකරමින් බසයේ සිටි මගීන්ට හිරිහැර වන අන්දමින් හැසිරෙන්නට වූහ. මේ දුටු කොන්දොස්තර මහතා දෙතුන් වතාවක්ම අවවාද කර සිටියේ අන් අයට හිරිහැර නොවන පරිදි කටයුතු කරන ලෙසයි. ඉන් දැඩි කෝපයට පත් මේ දෙදෙනා කතිකා කර ගත්තේ ගමට යාමට පෙර කෙසේ හෝ මෙම බසය පෙරළා දැමීමටයි.
මෙම මාර්ගය කඳු හා වංගු අධික මාර්ගයක් විය. වංගුවක් ගැනීමේදී බස් රථය ඇලවෙන විට මේ දෙදෙනාද මගී බෑග් රඳවනය තදින්ම අල්ලාගෙන බසය ඇළවෙන දිසාවට වැරෙන් තල්ලු‍ කරති. එය අසාර්ථක වූ විට, “හිටපං ඊළඟ වංගුවේදී උඹට වැඩේ දෙන්නම්, කියමින් නැවත බසය ඇළවෙනවාත් සමගම මුළු වැර යොදා ඒ පැත්තට බසය තල්ලු‍ කරති. මෙසේ දිගින් දිගටම එහෙට මෙහෙට වැනෙමින් බසය තල්ලු‍ කළ ඔවුනට තද මත් ගතිය නිසාම තමන් බසින ස්ථානයද පසුකර යන්නට විය. මොවුන්ගේ ක්‍රියාව නොදත් බසයේ කොන්දොස්තර මහතා මේ ඔහෙලා බහින්නේ නැද්දයි ශබ්ද නගා විමසූ විට ඔවුන් බසින තැන පසු වී සැතපුමක් පමණ දුර බසය ගොස් තිබිණි. කොන්දොස්තර මහතාට බැණවැදුණු ඔවුන් දෙදෙනා හොඳයි අද බේරුණා අපි ආයෙ හෙටත් එනවා යැයි පවසමින් ඉදිරි බස් නැවතුමේදී බැස යන්නට ගියේ තමන් කළ මෝඩ ක්‍රියාව ගැන කිසිදු තැකීමක් නොකරමිනි.



අදහස් (0)

බීලා යන ගමන් බසයක් පෙරළන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site