IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බලු ‘පුතා’ ආදාහනයට ගිහින් අලි ජරමරයක් කරගෙන

  • කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


බල්ලා ආදාහනය කොට අළු ලබා ගැනීමට දැරූ උත්සාහය වැරැදී කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරීමේ සිද්ධියක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.

දරුවන් නොසිටි මේ අඹුසැමියන්ගේ එකම දරුවා වූයේ ඇතිදැඩි කළ සුනඛ පෝතකයාය. ඌට කැව්වේ පෙව්වේද දරුවකුට මෙනි. ලෙඩවූ විට බේත් හේත් කළේ ද ඊට නොදෙවෙනි ආකාරයටය. ඒ විතරක්ම නොවේ රෑට නිදාගත්තේ ද මේ දෙන්නා නිදා ගන්නා ඇඳේ එකටමය. දෙන්න දෙමහල්ලන්ට මැදිවය. දරුවකුට නොඅඩු සැලකිලි ලද මේ සුනඛ පෝතකයා අලි පැටයකු තරම් හොඳට වැඩුණේ ලැබූ සත්කාරය නිසාමය.

මේ ඇත්තන්ගේ බලු පැටියා එකපාරටම ලෙඩවී මියගියේ දෙන්න දෙමහල්ලන්ම සෝ සයුරේ ගිල්වමිනි. බලු පැටවා මියයාමේ දුක දරා ගැනීමට නොහැකි වූ මේ දෙන්නාම මහ හඬින් ඇඬුවේ එයින් වත් දුක යම්තාක් දුරට හෝ අඩුකර ගැනීමේ අටියෙනි. සැමියා හීන් සීරුවේම එකක් දෙකක් දා ගත්තේ ද දුක දුරු කරගැනීමටය.

බලු සුරතලාගේ අවසන් කටයුතු හොඳින් කිරීමට දෙන්නාම තීරණය කළෝය. බල්ලා ආදාහනය කර උගේ අළු වත්තේ සොහොනක් සාදා තැන්පත් කිරීම හොඳ යැයි යෝජනා කළේ රහමෙරෙන් මත්වී සිටි සැමියාය. එය ආදාහනාගාරයකින් කරවා ගත හැකි යැයි ද කීවේ ඔහුය. ඒ තමා දන්නා ආදාහනාගාරයක සේවකයකු සිටීම ඊට හේතුවක් වී තිබිණ. ඒ අනුව ඔහු ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත යන්නට පිටත්ව ගියේය.

ආදාහනාගාරයේ සේවකයාගේ ඇඟ රත්කරවා මේ වැඩේ කරවා ගත හැකි යැයි ඔහු සිතුවේය. මිලෙන් ඉහළ හොඳවයින් එකක් ගත්තේ ඔහු මේ සඳහාය. ආදාහනාගාර සේවකයාගේ ගෙන ගිය බෝතලය අත මෙලවූ ඔහු මල්ලී මට උඹට කියලා ආදාහනයක් කර ගන්න තියෙනවා කීයක් ගියත් කමක් නැහැ යැයි ඔහු ආදාහනාගාර සේවකයාට කීවේය. ඔහු සිතුවේ මේ අයගේ පවුලේ කෙනකුගේ ආදාහනයක් වෙන්න ඇතැයි සිතාය. අයියා මරණ සහතිකය ප්‍රාදේශීය සභාවාට අරන් ගිහින් සල්ලි බැඳලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඕනෑනේ සේවකයා කීවේය.

අනේ මල්ලී බල්ලන් මැරුණම කොහේද මරණ සහතික දෙන්නේ? ඒකනේ ඔයා හම්බ වෙන්න ආවේ යයි බලු හිමියා කී විට සේවකයාගේ දෙලොව රත්වී ගියේය. ‘ඒක කොහොමද කරන්නේ? බල්ලන් මේකේ ආදාහනය කරන්නේ නැහැනේ අයියා’ යයි සේවකයා කී විට පදම වැඩි වී සිටි ඔහුට යකා නැග්ගේය.

මම නිකම් නෙමේනේ ඉල්ලන්නේ යන ගාන වගේ දෙගුණයක් දෙන්නම්. ඇඟ රත්කරන ඒවා තව දෙක තුනකුත් දෙන්නම් මට මේක කොහොම හරි කරලා ඕනෑමයි. මගේ බලු පුතාගේ අළු ගන්නම ඕනෑ යයි කියමින් බල්ලාගේ ආදාහනය මේ ආදාහනාගාරයෙන්ම කරගත යුතුය යන්න පිළිබඳව ඔහු දැඩි තීරණයේම සිටියේය. එය කෙසේවත්ම කර දිය නොහැකියි බවට ආදාහනාගාර සේවකයා ද දැඩි තීරණයේය.

මේ සම්බන්ධයෙන් දෙන්නා අතර වාග් සංග්‍රාමය දරුණු අතටම හැරුණේය.

උඹට එහෙනම් මේක කරලා දෙන්නම බැරිද පරයෝ කියමින් ඔහු ආදාහනාගාර සේවකයාට පහරදීමට පැන්න පැනීම ඒ අසල සිටි දෙතුන් දෙනා අල්ලා මෙල්ල කළහ. ඒ සැනින්ම ඔහු දන්නා හඳුනන කෙනකු තවත් පිරිසක් සමග වත්තම් කර ත්‍රිරෝද රථයක දමාගෙන නොගියේ නම් ආදාහනාගාර සේවකයා ඒ වන විටත් සිය ජංගම දුරකතනයෙන් පොලිසිය ඇමැතීමට ඔබමින් සිටි බොත්තම් සියල්ල තදකර පොලිසිය කැඳවා අවසානය.



අදහස් (0)

බලු ‘පුතා’ ආදාහනයට ගිහින් අලි ජරමරයක් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17681 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site