IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බිල නොගෙවා මාරුවෙන්න ගිහින් නතර වුණේ පොලිස් කූඩුවේ

දින කිහිපයකට පෙර උඩරට තානායමකට ගොස් හොඳ හැටි කා බී බිල නොගෙවා මාරුවී යාමට උත්සහ ගත් තරුණයන් තිදෙනකුට අන්තිමේ දී පේරාදෙණිය පොලිස් කූඩුවේ රැයක් පහන් වනතුරු ගත කිරීමට සිදුවූ පුවතකි මේ. මෙම තරුණයෝ තිදෙනා ගජ මිතුරෝය. එක් අයකු කොළඹ රැකියාව කරයි. සෙසු දෙදෙනා සාමාන්‍ය රැකියා කරති. සෑම මසකම පඩිදිනයට තිදෙනා එකතු වී පදමට සූර් වීම ඔවුන්ගේ පුරුද්දක් විය. මෙදිනද මේ තිදෙනා කිහිප තැනකින්ම මත්පැන් බී අඳුර වැටෙන විට අසල වූ තානායමට ගොඩ වූයේ දවස පුරා මත්පැන්වලින් ලද මිහිර තවත් වැඩිකර ගැනීමටය. එතැනින් හොඳ හැටි සප්පායම් වූ මේ අයගේ ආහාර බිල රුපියල් හාරදහකට කිට්ටුවිය. ඔවුහු එකිනෙකාගේ මූණ බැලූහ. තිදෙනා අතර එතරම් මුදලක් නොවූ බැවින් කළ හැකිව තිබුණේ හෙමින් සීරුවේ මාරුවීම පමණි. පළමුව අයෙක් මාරු වී ගියේය. දෙවැන්නාද ගියේය. වේටර්ට කරුණු කාරණා තේරුම් ගියේය. තුන්වැන්නාද මාරුවීමට හැදු තැත වැරදී දිවයන විට තානායමේ සේවකයෝ ඔහු ලූහුබැඳ අල්ලා ගත්හ. පොලිසියට දුරකථන ඇමතුමක් දුන් සැණින් පොලිස් නිලධාරීහු කීප දෙනෙකු පැමිණ තිදෙනා අත්අඩංගුවට ගත්හ. මිතුරන් තිදෙනාටම එදින රාතී‍්‍ර පමණක් නොව පසුදින දහවල් වනතුරුම පොලිස් කූඩුවේ ලගින්නට සිදුවිය. පසුදින ඔවුන්ගේ හිතවතකු පොලිසියට පැමිණ කරුණු විමසීමේ දී පොලිසිය පැවසුවේ යහළුවන්ගේ කෑම බිල තානායමට ගෙවා රිසිට්පත රැගෙන එන ලෙසයි. පසුව බිල ගෙවා රිසිට්පත පෙන්වා යහළුවන් තිදෙනා බේරාගත් පසු ඔවුහු පොලිසියෙන් පිටව යනු දැකගත හැකිවිය.



අදහස් (0)

බිල නොගෙවා මාරුවෙන්න ගිහින් නතර වුණේ පොලිස් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site