IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බීලා ගිය තරුණයාට වසු පැටියාගෙන් අපූරු පාඩමක්

පදම ඉක්මවා මත්පැන් පානයකොට මහ මග අයිනේ දිගේලිකොට සිටි වසු පැටියෙකුට කිති කවන්නට ගිය පුද්ගලයෙකු වසු පැටියගේ පා පහරකට ලක්වීම නිසා රෝහල් ගතවීමට සිදුවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


ඔහුගේම මිතුරු පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය. මත්පැනට බොහෝසේ ගිජුවූ පුද්ගලයෙකි. පසුගිය දිනෙක ඔහුට ද ගමේ නිවසක පැවැති සාදයකට ආරාධනාවක් ලැබුණේය. කල්තබාම එහිගිය ඔහු ඇති පදම් සප්පායම් වුණේ කලකින් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. සාදය නිමාවී ආපසු එන්නට හැරුණේය මිතුරෝ පිරිසක්ද ගමනට එක්වූහ.


එන අතරතුර පිරිසට නෙත ගැටුණේ මහ මග අයිනේ දිගේලි කර සිටි වසු පැටවෙකි. “ඔන්න බලා ගනිල්ලා” යි කියූ හෙතෙම එක් වරම වසු පැටියගේ පසුපස දෙපා අතරින් අත්දෙක දැම්මේය. හායි කියමින් කිති කැවුවේය. කලබල වූ ගවයාද දෙපා උස්සා වැරෙන් පහරක් එල්ල කළේය. පහර වැදුණේ ඔහුගේ රහස් පෙදෙසටය. “බුදු අම්මෝ” කියූ ඔහු උදරයට අත තියාගෙන ඇද වැටුණේය. ඔහු වත්තම් කරගත් පිරිස ඔහු රෝහලට ඇතුළත් කළේය.
(වියලුව වාර්තාකරු) ​



අදහස් (0)

බීලා ගිය තරුණයාට වසු පැටියාගෙන් අපූරු පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site