IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බීලා ගෙදර ආවාට බිරියගෙන් පාඩමක්

  • කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

බීමතින් නිවසට එන සැමියාට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ වයෝවෘද්ධ යුවළක් මහ ගෙදර නිවසේ පදිංචිව සිටිති. ඒ ආසන්නයේ ඔවුන්ගේ බාල පිරිමි දරුවා නව නිවෙසක් ඉදි කරගෙන අඹු දරුවන් සමග පදිංචිව සිටියි.

බාල පුතාගේ බිරිය දවසේ තුන් වේලටම මෙම දෙදෙනාට කෑම බීම ගෙනත් දෙන අතර රොටියක් ඉදි ආප්පයක් ඊට අමතරව ඔවුන් සාදා ගන්නා බවත් වාර්තා වේ.

නිවෙසේ ගෙහිමියා තදින්ම කාලයක සිට මතට ඇබ්බැහි වූවෙකි. මත්පැන් පානය කර නිවෙසට පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයා ගෙදර තිබෙන කෑමක් කා කල් තියා නිවසේ සාලයේ පැදුරක් දමාගෙන නින්දට වැටෙයි. මොහුට මාස ගණනාවක සිට ඉදහිට රාත්‍රියට නොදැනීම මුත්‍ර පහ වෙයි.  මුත්‍ර පහ වූ පසුදාට බිරිය වතුර දමා ගෙමැද්ද පිරිසුදු කරන්නේ ඇණුම් බැණුම් වලින් අඩුවක් නොමැතිවය. වයෝවෘද්ධ පුද්ගලයා ඒ අවස්ථාවේ දී නිවෙසින් පිට වී කඩ මණ්ඩියට බාල පුතාගේ නිවසට හෝ දිව යන්නේ කිසිවක් නොවුණ ගානටය.

මීට දින කිහිපයකට ඉහත දී ද වයෝවෘද්ධ පුද්ගලයා මත්පැන් පානය කර පැමිණ සුපුරුදු පරිදි කා බී සාලයේ පැදුරක් දමාගෙන නින්දට වැටුණු අවස්ථාවේ දී මුත්‍ර පහ වී පැදුරෙන් පිටතට ද ගලා ගොස් තිබේ. වයෝවෘද්ධ කාන්තාව විදුලි පන්දමක් අතැතිව එළියට යාමට ගිය අවස්ථාවේ දී මුත්‍ර ගොඩ පෑගී පය ලෙස්සා වැටුණේ දවල් තරු ද දකිමිනි.

අසල තිබුණු දොර පියන අල්ලාගෙන නැගිට ගත් ඇය අද නම් පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතුවේ වැටුණ වේදනාව සහ හිතට නැගුණ කෝපය ද සමගය. ඒ වන විට වයෝවෘද්ධ සැමියා ගොර හඩ පතුරවමින් තද නින්දේ පසු වෙමින් සිටියේය.

නිවෙසේ ප්‍රධාන දොර විවෘත කළ කාන්තාව සිය සැමියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන ඇදගෙන ගොස් නිවෙසින් පිටතට මිදුලට ඇද දැමුවාය. පැදුර ද රෙදි පෙරිදි ද කොනකින් අල්ලාගෙන මිදුලට විසි කර දමා දොරගුළු ද දමා ගත්තාය. මිදුලේ වැතිරී සිටි සැමියාට කර කියා ගත හැකි දෙයක් නොවීය. 

කාරණාව තේරුම් ගත් ඔහු පිල් අගුව අල්ලාගෙන නැගිට ගත්තේය. පසුව රාත්‍රියේම බාල පුතාගේ නිවෙසට දිව ගොස් ලේලියට කතා කර නිවෙසේ පිටත පිහිටි කාමරයක රැය පහන් කර ඇතැයි වාර්තා වෙයි. 

මෙම සිදු වීමෙන් පසුව වයෝවෘද්ධ පුද්ගලයා මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දමා ඇතැයි ද වාර්තා වෙයි.

 



අදහස් (0)

බීලා ගෙදර ආවාට බිරියගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site