IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බීලා කී සිංදුවෙන් ජීවිතේ බේරිලා

හබරාදූව - බී.එච්. රම්‍යා
අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ රාත්‍රී කාලයේ අඩ නිරුවතින් නිදා ගෙන සිටි අයකුට අපූරු පාඩමක් ඉ‍ගැන්වීමේ සිද්ධියක් හබරාදූවට නුදුරු කොග්ගල එයාෆෝස් හන්දිය ප්‍රදේශයෙන් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කුලී වැඩකර ජීවත්වන්නෙකි. පොල් කැඩීම සහ ගස්වල අතු කැපීම ඔහු වැඩියෙන්ම ප්‍රිය කළ රාජකාරියයි. දිනක් අධික ලෙස මත්පැන් පානය කළ හෙතෙම දුම්රිය මාර්ගය දිගේ නිවෙස බලා පැමිණෙමින් සිටියේය. ඒ නිකම්ම නොවේ. ගීතයක් ද මහ හයියෙන් ගායනා කරමිනි. 
මෙසේ පැමිණෙද්දී එක්තරා ස්ථානයකදී ඔහු පය පැකිලී දුම්රිය මාර්ගය මත හතරගාතෙදා ඇඳ වැටුණේය. එහෙත් ඉන් නැගිටීමට උනන්දු වූයේ නම් ඔහු නොවෙයි. ඔහු දුම්රිය මාර්ගය මත වැතිරී සිටියේද පෙර කී ගීතයම මහ හයියෙන් ගායනා කරන ගමන්මය. ඔහුගේ මේ සද්දයට අවට සිටි බල්ලන් බුරන්නට වූයේ මේ අතරේදීය.


බල්ලන්ගේ බිරිල්ලේ හඬට අවට නිවෙසක පුද්ගලයෙක් පැමිණ වටපිට බලද්දී කිසිවකු දුම්රිය මාර්ගයේ නිදා සිටිනු දැක වහා ක්‍රියාත්මක වී සෙස්සන්ටද ඒ බව දැනුම් දුන්නේය. ඒ අනුව පැමිණි පිරිස ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොපමාව පියවර ගත්හ. එසේ ඉවත් කිරීමෙන් නොනැවතුණු පිරිස එම බීමත් පුද්ගලයාට නොසෑහෙන සේ සංග්‍රහ කිරීමටද අමතක නොකළහ.
ඔහු දුම්රිය මාර්ගයෙන් ඉවත් කර මොහොතක් ගතවීමටත් පෙර දුම්රියක් ඒ ස්ථානය පසුකර ගියේ එක පිම්මේය.



අදහස් (0)

බීලා කී සිංදුවෙන් ජීවිතේ බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site