(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිය මිතුරාගේ මනාලිය බැලීමට ගොස් බීමතින් පැවසූ කතාවකින් එම මංගල්‍යය කටයුතු නතර වූ පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
ඔවුන් දෙදෙනා පාසල් සමයේ සිට ආදරය කර ඇති අතර පසුව ඔහුගේ පෙම්වතිය පවසා ඇත්තේ මේ ගැන සිය නිවෙසට පවසා ඇති බැවින් සිය නිවෙසට මාපියන් සමග පැමිණ විමසන ලෙසය.
ඇයගේ මවුපියන් ඔහුගේ පවුලේ අයට වඩා වත් පොහොසත්කම් වලින් පරිපූර්ණ වූ අතර මෙම කටයුත්ත සඳහා එකඟව ඇත්තේ ඔවුන් පාසල් සමයේ සිට ආදරය කර ඇති බැවින් හා මෙම ආදරය අවස්ථා කිහිපයකදී නතර කිරීමට කටයුතු කළද එය අසාර්ථක වූ බැවිනි.
මොවුන්ගේ ප්‍රේමයට මිතුරකු ආරම්භයේ සිටම උදව් කර ඇති අතර ඔහු මත්පැන් වලට තදින් ඇබ්බැහි වූවෙකි. මත්පැන් පානය කළ පසුව කටට එන දේ පවසන ඔහු නූගත් කයිවාරු කාරයකු බව ගමේ ප්‍රචලිතය.
කෙසේ වෙතත් ඔහු මෙම මංගල්‍යය කටයුතු සදහා සිය මිතුරා ඇයගේ නිවෙසට යන බව දැන බලහත්කාරයෙන් මෙන් එම ගමනට සහභාගි වී තිබේ. සිය මිතුරාගේ හැටි හොඳින් දන්නා ඔහු පවසා ඇත්තේ ගිහින් එනකම් කිසිවක් නොපවසන ලෙසය.
ගමන පිටත් වූ දා පාන්දරින්ම මත්පැන් කාලකින් සප්පායම් වූ ඔහු තවත් කාලක් ඉනෙහි ගසාගෙන ඇත්තේ මගදී පානය කිරීමටය. මංගල්‍යය කටයුතු කතිකා කර ගැනීමට පිරිස නිවෙසට ගිය පසු වැසිකිළියට ගිය මිතුරා ඉතුරු කාලත් එක හුස්මට කටේ හලාගෙන බුලත් විටක් කා නැවත මංගල්‍යය කටයුතු සාකච්ඡා කිරීමට පැමිණ තිබේ.
ඒ වන විට මාපියන් සාකච්ඡා කරමින් සිට ඇති අතර මනාලියගේ මාපියන් පවසා ඇත්තේ දෙදෙනාටම අත්දැකීම් අඩු හෙයින් පවුල් ජීවිතය ඉතා කල්පනාකාරීව සිදු කර ගෙන යා යුතු බවය.
මෙය ඇසූ මනාල පාර්ශවයේ කලින් සඳහන් කළ මිතුරා ” පිස්සුද අංකල් මම නොදන්නවාද? මේ දෙන්නා ගැන යැයි පවසා පඩික්කම යැයි සිතා අසල තිබූ පිත්තල මල් බඳුනකට කෙළ ගසා උගුරේ රැල් බුරුල් ඇර “අපේ එකයි මේ නංගියි කොච්චර හෝටල් වල ගිහින් ඇද්ද? ඇරත් අපේ එකා අත්දැකීම් ගත්තේ මේ නංගි එක්ක විතරක් නෙවෙයි. පළමු අත්දැකීම ගත්තේ ගමේ ඉන්න සිරිපාල අයියගේ පවුලගෙන් යැයි පවසා ඇත්තේ සිය මිතුරා අත්දැකීම් අඩු පුද්ගලයකු නොවන බව තහවුරු කිරීමටය.
සිය පෙම්වතිය නිවෙසේ සී.ඩී. යන්ත්‍රයේ ප්‍රේම ගීතයක් ගායනා කළ ගායකයාගේ කට වසා දමද්දී, සිය මව්පියන් දෙස දේව බැල්මක් හා මිතුරා දෙස යක්ෂ බැල්මක් හෙලූ මනාලයා ගෙදර සිට රැගෙන ආ ආදරය එම නිවෙසේම දමා වහා පිටව ගොස් ඇත්තේ මවුපියන් එහි දමාය.
2025 ඔක්තෝබර් මස 08
1429
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බීලා කටගහන්න ගිහින් යාළුවාගේ සායම හේදිලා