IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බල්ලාට මාළු නොදුන්නාට කායවර්ධන ගුරා හීන් නූලෙන් අංචි ඇදලා

  • කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

පිනට ලැබුණු බලු‍ පැටියාට කෑමට දීමට මාළු නොදුන් කායවර්ධන ක්‍රීඩකයකුට සති දෙකක කාලයක් කාය වර්ධන පුහුණුවීම් නතර කළ අපූරු කායවර්ධන පුහුණුකරුවකු පිළිබඳ පුවතක් ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.

ක්‍රීඩා සමාජයක කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයකි. එහි පුහුණුවීම්වලට  ගිය අයකුගෙන් කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුට උසස් වර්ගයේ මිල අධික බලු‍ පැටියකු ලැබුණේ පිනටය. ඒ පුහුණුකරුගේ ඉල්ලීමකටය.මේ  බලු‍ පැටියා මාළු නැත්නම් බත් නොකන බව ද කියති.

මේ කායවර්ධන මධ්‍යස්ථානය බෝට්ටු අයිතිකරුවන්ගෙන් මාළු ඉල්ල ඉල්ලා එන්නේ පස්සෙනි. එහෙත් ඒ සල්ලිවලට නොව පිනටය. මාළු බෝට්ටු ඇති සමයේ මේ කාය වර්ධන පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩා පුහුණුවට එන මාළු මුදලාලි කෙනෙකු මාළු දුන්නේ. ඉල්ලන තරම් ඔහුට  නොමිලයේ මාළු දුන්නේය. බලු‍ පැටියාගේ මුවාවෙන් ඔහු ගෙදර කෑමට ද මාළු ගෙන ගියේය.

මේ අතරවාරයේ දී මේ මාළු මුදලාලි සිය බෝට්ටු වික්කේය. එහෙත් මේ කායවර්ධන පුහුණුකරුගෙන් මාළු ඉල්ලා ඔහුට ගැලවීමක් නොතිබුණේය. තමාට දැන් බෝට්ටු නැති බව කීව ද ඔහුගේ පිනට මාළු ඉල්ලීම නතර නොවිණ. 

බෝට්ටු නැති ඔහුට කායවර්ධන පුහුණුකරුට මාළු දීමට නොහැකිවිය. එයින් උරණවූ කායවර්ධන පුහුණුකරු බොරු චෝදනා ගොඩක් ගොනු කොට සති දෙකක කාලයක් මාළු මුදලාලිගේ කායවර්ධන පුහුණුව නතර කළේය. 

එම කායවර්ධන මධ්‍යස්ථානයේ අදාළ බලධාරීන්ට මේ ප්‍රශ්නය ගැන සැලවී මාළු මුදලාලිට යළි කායවර්ධන පුහුණුවීමට අවස්ථාව ලබා දුන්නත් ඔහු යළි එහි නොයන්නේ මාළු නොදුන් නිසා  තමා සමග  වෛරයෙන් සිටින මේ පුහුණුකරු ඊළඟට මොනවගේ අංචියක් අදීවී දැයි නොදන්නා නිසාලු‍.

මේ පුහුණුකරුගේ මේ අල්ලස නිසාම දැන් වෙනදා පැමිණි බොහෝ දෙනකු කායවර්ධන පුහුණුවීම් සඳහා නොයෙන බවද කියති.

 



අදහස් (0)

බල්ලාට මාළු නොදුන්නාට කායවර්ධන ගුරා හීන් නූලෙන් අංචි ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site