(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
කිරි දානය සකසා එළිමහනේ තබන නොඉඳුල් කොටස ඇතුළත් ගොට්ට කොලු කුරුට්ටන්ගෙන් බේරා ගැනීමට යෙදූ අලුත් උපක්‍රමය නිසා අලි අමාරුවක වැටුණු නිවැසියකු පිළිබඳව දකුණු ලකේ මුහුදුබඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.
ඇසළ පොහෝ දින රාත්‍රියේ කිරි දානයක් දීම දකුණු ලකේ මුහුදුබඩ ප්‍රදේශවල පමණක් සිදුවෙන චාරිත්රයකි. විශේෂයෙන්ම බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම ආදී ප්‍රදේශවල පිරිස මේ චාරිත්‍රය නොකඩවා සිදු කරති.
මේ කිරි දානයේ නොඉඳුල් කොටස දෙවියන් සඳහා පිදීමට ගොක් කොළවලින් සැදුණු මල් යහනක් නිවස ඉදිරිපිට එළියේ තැනීම සාමාන්‍ය සිරිතය. එයට තබන කිරි දානයට දාන ගොට්ට කියති. ඒ කාලයේ සිටම ප්‍රදේශයේ කොල්ලො කුරුට්ටෝ එළිමහනේ රාත්‍රියේ තියෙන මේ දාන ගොට්ට හොරෙන් උස්සා කෑම පුරුද්දක් කරගෙන සිටියහ. ඒ විනෝදයට මිස හොරකමට නම් නොවේ.
ඇතැම් නිවැසියෝ දෙවියන් සඳහා ඇති භක්තිය නිසාම මේ දාන ගොට්ට කොල්ලො කුරුට්ටන්ගෙන් බේරාගැනීමට විවිධ උපක්‍රම යොදති.
මෙවර ඇසළ පොහොය නිමිත්තෙන්ද නිවැසියෝ දෙවියන් සඳහා කිරි ගොටු තැබූහ. එයින් එක් නිවැසියෙක් සිය නිවස ඉදිරිපිට ඇති දාන ගොට්ට කොල්ලන්ගෙන් බේරාගැනීමට අපූරු උපක්‍රමයක් භාවිත කළේය. ඒ වෙනදා රාත්‍රී දහයෙන් පසුව ලිහා දමන බල්ලා, දාන ගොට්ට තිබූ සැනින්ම ලිහා දමා දානය වැළඳීමට සූදානම් වීමය.
බල්ලා රෑ බෝවී ලිහා දමන බව දත් කොල්ලන් මේ නිවසට ගියේ වෙනදා මෙන් අදත් බල්ලා ලිහා නැතැයි සිතාය. දාන ගොට්ට ගත් සැනින්ම බල්ලා කොල්ලන් පස්සේ පැන්නුවේ බුර බුරාය. ඒ අය අතරින් පය පැකිලී එක් කොලුවකු බිම වැටෙන්නේ බල්ලාගේ ගොදුරක් බවට පත්වෙමිනි. මර ලතෝනිය මධ්‍යයේ බල්ලා කොල්ලාගේ අසුවුණු අසුවුණු තැන් සපා කෑවේ බිම පෙරළගෙනය.
නිවැසියන් එන තෙක්ම බල්ලා කොල්ලා ඇත නෑරියේය.
නිවැසියන්ගේ මැදිහත්වීමෙන් කොල්ලා බේරාගත්ත ද බලු ප්‍රහාරයෙන් ලේ ගලමින් සිටි ඔහු නිවෙස් හිමියාට රෝහල් ගත කරන්නට සිදුවූයේ බලු ප්‍රහාරය බලවත් වූ බැවිනි.
කිරි දානය වැළඳීම පසෙක තියා නිවැසියා සිය වාහනයේ දමාගෙන ගියේ අනේ මේ කොල්ලන් විනෝදයට කරන දේට මේ මනුෂ්‍යයා කරපු දෙයක තරම යයි අසල්වාසීන් දොස් නගද්දීලු.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බල්ලකුගෙන් එක පාරම දෙදෙනකුට යස පාඩමක්