IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බලන්න ගිය ලෙඩාත් එක්ක සැමියා හතර ගාතෙන් අැවිත්

(වියලුව වාර්තාකරු)
උණ රෝගය වැලදී සිටින තම මිතුරා බැලීමට යැයි පවසා නිවෙසින් පිටව ගිය පුද්ගලයකු රෑ මැදියමේ මිතුරා ද සමග හතර ගාතෙන් නිවෙසට පැමිණි බව කියැවෙන පුවතකි.


ඔහු රජයේ සේවකයෙකි.


අවස්ථාවක් ලද විටක මිතුරන් සමග අඩියක් ගැසීම පුරුද්දක් කර ගත්තෙකි.


එදින ඇඳිරි නීතිය යොදා තිබීම නිසා නිවෙසට වී සිටිනවා හැර ඔහුට කරන්නට අන් දෙයක් නොතිබිණි.


දහ අතේ කල්පනා කරද්දී ඔළුවට ආවේ කදිම අදහසකි. ඇඳිරි නීතිය දා මිතුරකු සමග පුංචි පහේ සාදයකට උදෑසන සිටම ලක ලෑස්ති වුව ද දරුවන්ගෙන් මෙන්ම බිරියගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධතාවයකි. ‘ඇඳිරි නීතිය වෙලාවේ එළියට ගිහිල්ලා පොලිසියෙන් කුදලාගෙන ගියොත් අපි දන් නැහැ’ ඔවුහු විරෝධය පාමින් කියා සිටියහ.


මේ අල්ල පනල්ලේ ඔහු සිටියේ නිවෙසින් පිට වන්නේ කෙසේ ද දැයි සිතමිනි.


වාසනාවකට මෙන් මිතුරකුගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ආවේ ‘අද සෙට් වෙමු’ දැයි විමසමිනි.


එක පයින් එකඟත්වය පළ කළ ඔහු සිය බිරියට කියා සිටියේ තම හොඳම මිතුරා රෝගී වී ඇති බවකි. රෝගී වූ මිතුරා බලා හැකි විගස එන බව පවසා හෙතෙම නිවෙසින් පිටවූයේ මිටෙන් හල කුරුල්ලකු පරිද්දෙනි.


මිතුරන් දෙතුන් දෙනකුම එක්ව සාදය ජයටම කරගෙන ගියේ පෙර දින පෝලිමේ සිට ලබාගත් මත්පැන් බෝතල කීපයට පින් සිදු වෙන්නටය. සාදය හමාර වන විට රෑ මැදියම ද ඉක්ම ගොස් තිබිණි. මිතුරා ද සමග කරට අත දමාගෙන ඔහු නිවෙසට පැමිණියේ තනිවම තම බිරියට මුහුණ දීමට ඇති අපහසුතාව නිසාය.


රෝගී වූ බව කියන මිතුරා ද සමග හතරගාතෙන් පැමිණි සැමියා දකිද්දී බිරියට උන් හිටි තැන් අමතක විය. තම සැමියාට පමණක් නොව මිතුරාට ද ඔහුගේ බිරියගෙන් ලුණු ඇඹුල් ඇතිව අසාගන්නට සිදු වූයේ කලක් තිස්සේ පවුල් දෙක අතර පැවැති හොඳ හිත ද පළුදු කරමිනි.

 



අදහස් (0)

බලන්න ගිය ලෙඩාත් එක්ක සැමියා හතර ගාතෙන් අැවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 30 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site