IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බුලත් අතේ අවුලෙන් ජනේරුවදා අම්මාට පුතාත් එපාවෙලා

කෑගල්ල අධිකරණ-චමින්ද වැවතැන්න
ලැබූ නව වසරේ පළමුවැනිදා තමාටත් පියාටත් බුලත් හුරුල්ලක් නොදී නැන්දා මාමා දෙදෙනා‍ට බුලත් දෙන්න ගියා යැයි පවසා මවක සිය පුතා නිවෙසින් එළවා දමා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 28 හැවිරිදි තරුණයෙකි. සිය මව්පියන් සමග නිවෙසේ පදිංචිව සිටියි. මෙම 28 හැවිරිදි තරුණයා තමන්ගේ කියා වෙළද ව්‍යාපාරයක් ප්‍රදේශයේ නගරයක පවත්වාගෙන යමින් මසකට රුපියල් ලක්ෂයක පමණ සුද්ධ ලාබයක් උපයන්නෙකි.
මෙම තරුණයාගේ මවගේ උපන් ගම උතුරු මැද පළාතේ තරමක් දුෂ්කර ඉසව්වකි. මීට වසර දෙකකට පමණ ඉහතදී දිනක් මවගේ උපන් නිවෙසේ පදිංචිව සිටින වයෝවෘද්ධ මිත්තනිය බැලීමට වෙළෙඳ ව්‍යාපාරය වසා දමා තරුණයා අලු‍ත ගත් යතුරු පැදියෙන් ගිය අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ සිටි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තේය.
දින කිහිපයක් මිත්තනියගේ නිවෙසේ සිටි තරුණයා ආපසු නිවෙසට පැමිණ හඳුනාගත් තරුණිය පිළිබඳ මවට පැවැසීය. තරුණිය කාගේ කවුරුන් ද යන්න පිළිබඳ තරුණයාගේ මව සොයා බලා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යාමට අකැමැත්තක් නොදැක්වුවාය.
දෙපාර්ශවයේ සහභාගිත්වයෙන් හා ආශිර්වාද මැද තරුණ යුවළගේ විවාහය ඉකුත් ඔක්තෝබරයේ දිනක දී පොලොන්නරුවේ දී සිදු කර මනාල යුවළ මදු සමය ගත කිරීමට පොලොන්නරුවේ හෝටලයකට ගියහ. තරුණයා සිය මනාලිය දින දෙකකට පසුව කෑගල්ලේ නිවෙසට මෝටර් රථයකින් කැන්දාගෙන පැමිණියේය. 


මනාලියගේ මව්පියන් ද ඥාතීන්ද එදින මනාලයාගේ නිවෙසට දෑවැදි අතැතිව පැමිණ මනාලයා දෙපාර්ශවයටම සකස් කර තිබුණු කෑම මේසය භුක්ති විඳ නව යුවළට ආශිර්වාද පතා මනාලියගේ මව්පියෝ යළි පොලොන්නරුවේ ගම් බිම් බලා ගියහ.
මනාල යුවළ නිවසේ කල් ගෙවමින් සිටියදී 2024 නව වසර දිනෙන් දින උදාවීම කිට්ටු විය. මනාලිය තම තරුණ සැමියාට පැවැසුවේ දෙසැම්බර් 31 වැනිදා යතුරුපැදියෙන් පොලොන්නරුවේ මහ ගෙදරට ගොස් ජනවාරි 01 වැනිදා තමන්ගේ මව්පියන්ට බුලත් හුරුල්ලක් දී වැඳ ආශිර්වාද ගෙන දිනක් හෝ දෙකක් එහි ගත කර ආපසු නිවෙසට පැමිණීමටය. එහිදී තරුණයා කියා සිටියේ තම මව්පියන්ට පළමුවැනිදා පෙරවරුවේ බුලත් හුරුල්ලක් දී අම්මා උයන කිරි බත් කෑල්ලක් කා පොලොන්නරුවේ මව්පියන්ට බුලත් හුරුල්ලක් දීමට යාමටය.
ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති මනාලිය ඇගේ බලවත් ඉල්ලීම මත යුවළ 31 වැනිදා යතුරුපැදියෙන් පොලොන්නරුවට ගොස් 1 වැනිදා පෙරවරුවේ මනාලියගේ මව්පියන්හට බුලත් හුරුල්ලක් දී ආශීර්වාද ලබා ගෙන දිනක් එහි ගත කර දෙවැනි දා යළි යුවළ කෑගල්ල නිවෙසට පැමිණියහ.
එහිදී තරුණයා සිය මනාලිය සමග සිය මව්පියන්ට දෙවැනි දා සවස බුලත් හුරුල්ලක් දී ආශිර්වාද ලබා ගැනීමට ගියේය.
“ගෑනිගේ අම්මයි තාත්තයි  උඹට අවුරුදු 28 ට පස්සේ මේ අවුරුද්දේ විතරක් ලොකු වෙලා දෙසැම්බර් 31 වැනිදා පොලොන්නරුවේ ගිහිල්ලා පළමුවැනිදා ගෑනිගේ අම්ම තාත්තට බුලත් දීලා ආවා නේද? උඹට ලොකු ගෑනිගේ අයද? මමයි තාත්තයි ද? දැන් උඹලා දෙන්න ඉන්නේ මේ ගෙදර. කල්පනා කරන්න ඕනෑ ගෙදර ඉන්න මව්පියන්ට පළමුව බුලත් හුරුල්ලක් දීලා ආශිර්වාද ගත්තා නම් කොච්චර හොඳයි ද කියලා.”
මව කෑ ගසන්නට වූවාය.
“ඒක තේරෙනවා අම්මේ කෑ ගහන්න එපා... මේ අවුරුද්දේ විතරයි නේ එහෙම කළේ. ලබන අවුරුද්දේ එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ මම.  මේ රණ්ඩුව දුර දිග ගියොත් අම්මේ කෙල්ල යයි යන්න. ඒ හින්දා කෑ ගහන්න එපා...” තරුණයා අම්මා ඉදිරියේ අසරණ අයුරින් කීවේය.
 “උඹලා දෙන්නම පලයල්ලා මේ ගෙදරින් දැන්ම...” තරුණයාගේ මව ආවේගශීලිව දිගින් දිගටම කෑ ගසන්නට වූවාය. 
තරුණයා සිය මනාලිය රැගෙන නිවෙසින් බැස යතුරු පැදියේ නැගී හිතවතකුගේ නිවෙසකට ගියේ වෙන කළ හැකි දෙයක් නොවූ බැවිනි.



අදහස් (0)

බුලත් අතේ අවුලෙන් ජනේරුවදා අම්මාට පුතාත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site