රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පසුගියදා හක්මන, දෙනගම වැව අසලදී පා ගමනින් ගිය මෙම ගුරු මහත්මියගේ ගෙල පැළඳි මාලය කඩා ගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයෙකි. මොහොතකට පසුව එම යතුරුපැදියෙන්ම පැමිණි ඔහු මාලය ඇය වෙතට විසිකොට එය රත්තරන් එකක් නොව, ඉමිටේෂන් එකකැයි පවසමින් ඇයට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවත්, ඒ වන විට තමන් අසල විශාල පිරිසක් සිටි හෙයින් තමා ඉමහත් ලජ්ජාවට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වෙනවාලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක්
කරෝලිස් Wednesday, 30 May 2012 02:02 PM
පව් අනේ එයා...
සුදු නංගා Thursday, 31 May 2012 01:24 AM
කෝ මේ අලිබබා..... මේක හරියන්නෑ.. දැන් එන්න එන්නම දෙයියෝ සාක්කිම තමා..:(
රංජිත් Wednesday, 30 May 2012 09:15 AM
නැවතත් ඒ වගේම නිව්ස් 1 ක්
ලංකා දියණිය Thursday, 31 May 2012 04:03 AM
ලංකාපුත්‍ර හක්මන පැත්තෙන් ජීවිතේටම ඇති වෙන්න හොද කෑමක් කාලා තියෙන හැඩයි
ලක්ෂාන් Thursday, 31 May 2012 05:22 AM
මගේ යාළුවෙකුටත් එහෙම වුණා
ලක්ෂාන් Thursday, 31 May 2012 04:42 AM
මගේ යාඵවෙකුටත් ඔහොම වුණා ..
කෝරලේ මහත්තයා Wednesday, 30 May 2012 10:31 AM
හනේ..අම්මාපල්ල........මයේ අතට අහුවුනානම්..
ජොලි බෝයි Wednesday, 30 May 2012 03:35 PM
හක්මන පැත්තේ හින්ද හොඳයි..
මන්ජුල Thursday, 31 May 2012 08:16 AM
පව් අසරණ හොරා. එදා දවසෙම බඩගින්නේ ඉන්න ඇත්තේ..
දුලීප් Wednesday, 30 May 2012 10:53 AM
පරණ කතාවක් නේද?
ලංකා පුත්‍ර Wednesday, 30 May 2012 04:16 PM
හක්මන පැත්තේ ඉන්නේ කපටි ගෑනු. අපේ ඔපිස් එකෙත් ඉන්නවා ඒහෙම ඒක්කෙනෙක්
දයාsaudi Wednesday, 30 May 2012 11:05 AM
ඕක සිද්ද වෙන අවස්ථාවේ විශාල පිරිසක් හිටියා නම් කොන්ද පණ තියෙන එකෙක් හිටියේ නැද්ද ඒ අතරේ
ලාල් පෙරේරා Wednesday, 30 May 2012 11:14 AM
මාල හොරාට හොඳ වැඩේ ....
සක්කරවට්ටම් Thursday, 31 May 2012 09:37 AM
ඒකත් තව දෝස්මුරයක්ද කොහෙද...
අලිබබා Wednesday, 30 May 2012 04:11 PM
ඔන්න එක පිරිමි ලමුන්දෙදෙනෙක් බසයක් එනතුරු බලාසිටින විට මේ අය දුටුවා ඈත එක් මනුෂ්‍යයෙක් කකුලක් අද්දමින් එනවා. එවිට මේ දෙදෙනා කතාවෙලා එක්කෙනෙක් අනේකාට කියනවා අර මනුෂ්‍යයාගේ දනිස්සේ අමාරුවකට තමයි ඒ කකුල අද්දමින් එන්නේ කියා. එවිට අනික් මිතුරා පවසනවා නෑ , ඒ මනුෂ්‍යයාගේ විලුඹලග වලලුකර උලුක්වීමක් වෙලා ඇති ඒකතමයි එහෙම කකුල අද්දමින් එන්නේ කියල. එවිට එම මනුෂ්‍යයා මෙම මිතුරන් දෙදෙනාව පසුකරමින් යනවිට එක් අයෙක් අසනවා, ඔයාගේ දණහිසේ අමාරුවක් නේද? කියලා ඒ මනුෂයයා මොන දණහිසේද? යනුවෙන් විමසන විටම අනෙක් මිතුරා පවසනවා ඒකනේ මම කිවුවේ එයාගේ කකුලේ විලුඹලග තමයි අමාරුව තියෙන්නේ මෙසේ පවසනාවත් සමගම අර මනුෂ්‍යයා මෙසේ පිළිතුරු දුන්නාලු. මොන විලුඔද ඕයි? මගේ සෙරෙප්පුව කැඩිලා.බලනවා කකුලබිම තියන්නැතිව බොහොම අමාරුවෙන් මම යන්නේ කුකලේ මඩවදින හින්දා. අර සෙරෙප්පු මහන මනුස්සයා ලගට තමුසෙල එනවා මට ලෙඩ දෙන්න. කියමින් කේන්තියෙන් ගියාලු.
සල්ස් Wednesday, 30 May 2012 05:03 PM
මේ වගේ කතාවක් අපි මීට ඉස්සර ඇහුවා..
සජී Wednesday, 30 May 2012 11:32 AM
අනේ අපොයි මේ වගේ රටක් කවද හැදෙයිද මන්ද ..
රුවන් Wednesday, 30 May 2012 11:48 AM
ඉතින් මේ හොරාව අල්ලල පොලීසියට භාර දෙන්න ...
ෆෝරෝ Wednesday, 30 May 2012 05:22 PM
අනේ අනේ. දෙයියන්ට දැන් සාක්කි ඇති වෙලාද?
dompe malli Wednesday, 30 May 2012 12:13 PM
පෙට්ට්‍රල් වියදම දැන්ද දැනෙන්නේ.....
මංජුල Wednesday, 30 May 2012 05:41 PM
ලියන්න දේවල් ඇත්තෙම නැද්ද මන්දා
අමිල Wednesday, 30 May 2012 11:52 AM
මොන මෝඩයොද මේ? ඇයි හොරාව අල්ල ගන්න බැරිවුණේ?
අහිංසකයෙක් Wednesday, 30 May 2012 12:19 PM
හොරුන්ට මෙච්චර හයියක් තියෙන්නෙ නීතිය හරියටම ක්‍රියාත්මක වන නිසා වෙන්නැති. අද නීතියට වෙලා තියෙන දේ.
ජගත් Wednesday, 30 May 2012 06:12 PM
ලෝ .. ලෝ....