IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොරු දොස්තරගේ ඇමෙන් මුදලාලිට තරු පෙනිලා

දුරකතනයෙන් සම්බන්ධ වී වෙළෙඳුන් අන්දවා කරනු ලැබූ මුදල් වංචාවක් පිළිබඳව ඇල්පිටිය නගරයෙන් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. මෙම නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලකට පසුගියදා පෙරවරුවේ ලැබුණු දුරකතන ඇමතුමකින් නානකාමර උපාංග කට්ටල ඇතුළු උපකරණ කිහිපයක මිල විමසා ඇත. කතා කරන තමා එම නගරයේ පිහිටි රෝහලේ වෛද්‍යවරයකු බවත්, රෝහලේ ඉදිකිරීමක් සඳහා මෙම භාණ්ඩ අවශ්‍ය බවත් දුරකතනයෙන් කතා කළ පුද්ගලයා වෙළෙඳසල් හිමියාට පවසා ඇත. මේ සඳහා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ ඔහු ඒ සඳහා බිල විමසූ විට වෙ​ෙළඳසල් හිමියා ගණන් බලා එම භාණ්ඩ සඳහා බිල රුපියල් ලක්ෂ දෙකක් වන බව පවසා ඇත.


‘‘ප්‍රශ්නයක් නැහැ. මේකට මට කොමිස් එක රුපියල් තිස් දහසක් ඕනෑ. ඒකත් බිලටම එකතු කරන්න. රුපියල් දෙලක්ෂ තිස්දහසකට බිල දමා බිලත් සමග බඩු ටික වාහනයකින් රෝහල ළඟට එවන්න. බඩු ටික ගෙනා ගමන් අපේ එකවුන්ටන් ඔයාලගෙ බිල ගෙවයි. ඒ නිසා මගේ කොමිස් එක ඩ්‍රයිවර් අතේ මට එවන්න. රෝහල ළඟට බඩු ටික ගෙනත් මට කෝල් එකක් දෙන්න කියල ඩ්‍රයිවර්ට කියන්න.”‍
ලැබුණු එම පණිවුඩය අනුව වෙළෙඳසල් හිමියා බිලේ සඳහන් බඩු ටික ලොරියකට පටවා රියදුරා අතට රුපියල් තිස් දහසක් දී මෙය වෛද්‍යවරයාට දෙන ලෙස පවසා රියදුරුට වෛද්‍යවරයාගේ දුරකතන අංකයද දී කියා සිටියේ රෝහල ළඟට බඩු ටික රැගෙන ගොස් එම වෛද්‍යවරයාට කෝල් එකක් දෙන ලෙසය.
රියැදුරා බඩු ටික රැගෙන ලොරියෙන් රෝහල ළඟට ගොස් වෛද්‍යවරයාට ඇමතුමක් දුන්නේය.
‘‘හරි මල්ලි ඔයා අතේ තියෙන සල්ලි මම මෙතනදි ගන්න එක හරි නැහැ. එයින් රුපියල් දෙදහසක් ඔයා ගන්න. ඉතිරි විසිඅටදහස මම එවන ගිණුම් අංකයට බැංකුවට දාල මට කෝල් එකක් දෙන්න.”‍ වෛද්‍යවරයායි කියූ තැනැත්තාගෙන් රියදුරුට උපදෙස් ලැබුණේය.
‘‘ඒ අනුව රියදුරා රුපියල් විසිඅටදහසක මුදල ඔහු එවූ බැංකු ගිණුමට දමා යළි අර තැනැත්තාට කෝල් කර පණිවුඩය දුන්නේය.”‍හරි සර් ගිණුමට මුදල් දැම්මා.”‍
‘‘ආ හරි මල්ලි ඔහොම ඉන්න මං අපේ එක්කෙනෙක් ඔයා ඉන්න තැනට එවන්නම්”‍.
රියදුරාට පිළිතුරු ලැබුණේය.
රියදුරා රෝහල අසල ලොරිය තියාගෙන සෑහෙන වේලාවක් සිටියද කිසිවෙකු ආවේ නැත. ඔහු කලින් කතා කළ දුරකතනයට කතා කළ විට එය විසංන්ධි කර තිබුණි. කිසියම් වැරදීමක් සිදුවූ බව රියැදුරාටද වැටහුණේය. රියදුරා ලොරිය රැගෙන ආපසු වෙළෙඳසල ළඟට පැමිණ මේ බව වෙළෙඳසල් හිමියාට කීවේය. ඔහුද කතා කළ විට  වෛද්‍යවරයෙකු යැයි කලින් කතා කළ එම දුරකතනය විසන්ධිකර තිබුණි. වෙළෙඳසල් හිමියා  වහා රෝහල වෙත ගොස් එහි බලධාරියෙකු හමුවී මේ ගැන විමසූ විට එම නිලධාරියා කියා සිටියේ එවැනි වෛද්‍යවරයෙකු තම රෝහලේ නොමැති බවත්, රෝහලේ මේ වනවිට එවැනි කිසිදු ඉදිකිරීමක් නොකරන බවත්ය.
සිද්ධිය තේරුම්ගත් වෙළඳසල් හිමියා තමාටම දෙස් දෙවොල් තබා ගනිමින් ආපසු ආවේය.

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

බොරු දොස්තරගේ ඇමෙන් මුදලාලිට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site