IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බූරුවා ගහන්න සල්ලි හොයන්න එකම තාලෙට ගෙවල් බිඳලා....

  • කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

සොහොයුරියගේ නිවස සොරු බින්ද ආකාරයටම සිය නිවසද සොරු බිඳ ඇති බව පෙන්වීමට සාධක ඇති කරමින් භාර්යාවගේ මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන බූරුවා ගැසූ සැමියකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ නිවසක ජනේලයක දැල් ආවරණයක් ගලවා නිවසේ තිබූ මුදල් හා භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේ ඉකුත් දිනෙකය. එම පැමිණිල්ලට අනුව අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පසන්න ඇල්ගිරියගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එම සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එම නිවසට ගියහ.

ජනේලය කඩා එහි තිබූ දැල් ආවරණය ගලවා දමා නිවසට පැන ඇති බව ඉරාන් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු නිරීක්ෂණය කළහ. මේ ජනේලයේ රළු පෘෂ්ඨය නිසා එහි ඇඟිලි සලකුණු සටහන් නොවන බව දුටු පොලිස් නිලධාරීන් කීවේ එම ස්ථානයේ ඇඟිලි සලකුණු ගැනීමට නොහැකි බවකි. පොලිස් නිලධාරීහු කසුකුසු ගෑහ. මෙය එහි අවධානයෙන් සිටි කිහිපදෙනෙකුගේද කණ වැකුණි.

මේ සොරකම සිදුවී පැය කිහිපයක් යන්නට මත්තෙන් එම සොරකම සිදුවූ නිවසට මීටර් කිහිපයක් දුරින් නිවෙස් හිමි කාන්තාවගේ සොහොයුරකුගේ ද නිවස බිඳ රන් ආභරණ සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක් අම්බලන්ගොඩ පොලීසියට ලැබුණි. ඒ සඳහා ද ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂක ඉරාන් මහතා එම නිවස ද පරීක්ෂාවට ගියේය. කලින් නිවසේ මෙන්ම මේ නිවසේද ජනේලයේ දැල් ආවරණය ගලවා දමා තිබුණි. හැබැයි කලින් නිවසේ දැල් ආවරණය ගලවා දමා තිබුණේ නිවසින් පිට සිටය. මෙහි ජනෙල් දැල් ආවරණය ගලවා දමා තිබුණේ නිවස තුළ සිටය. ඒ වගේම යම් සිදුවීමක් පිළිබඳව පොලිස් විමර්ශන සිදුවන ප්‍රදේශයක් ආසන්නයේම තවත් සිදුවීමක් නොවන්නේ පොලීසිය නිබඳව එම ප්‍රදේශයේ නිරන්තරයෙන් ගැවසෙන බැවිනි.

මේ කාරණා දෙක ගැඹුරට විශ්ලේෂණය කළ පොලිස් පරීක්ෂක ඉරාන් මහතා සොරකම සිදුවූවායි කියමින් පැමිණිල්ල දැමූ නිවෙස් හිමියා ගැනම සැකකරන්නේ එදා දවසේ ගලගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බූරුවා සූදු පොළකදී ඔහු ලොකු මුදලක් පරාජයවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවය. එදින  ඔහු ළඟ විශාල මුදලක් රැඳීමට කිසිදු හේතුවක් නැති බවද එදා රැකියාවට ගොස් සිටි ඔහුගේ භාර්යාවගෙන් ද තොරතුරු ලැබුණ නිසාය.

භාර්යාව රැකියාවට ගිය අතරේ ඔහු ඇය සතු මුදල් හා රන් භාණ්ඩ නිවසින් ගෙන ගොස් උකස් කර බූරුවා ගැසීමට යොදාගත් බවත් එම දේපොළ සොරකම් කොට ඇති බව ඒත්තු ගැන්වීම සඳහා සිය සොහොයුරියගේ නිවස සොරුන් බින්ද ආකාරයටම ජනේලයේ දැල් ආවරණය ගලවා දැමූ බවට පොලීසිය ඉදිරියේ පිළිගත්තේ පොලිස් පරීක්ෂක ඉරාන් මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේය.

 



අදහස් (0)

බූරුවා ගහන්න සල්ලි හොයන්න එකම තාලෙට ගෙවල් බිඳලා....

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17681 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site