IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොරුව අතේ පත්තු වී හතර ගුණයක් පුදන්න වෙලා

පෝද්දල - සරත් ආනන්ද ගමගේ 


බීමට ඇබ්බැහි වූ පුද්ගලයකු තමා දන්නා හඳුනන පුද්ගලයකුගේ මුදල් පසුම්බියක් උස්සා, එම මුදල මෙන් හතර ගුණයක මුදලක් ආපසු ගෙවීමට සිදු වූ පුවතක් පිළිබඳ තොරතුරු දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.
පොලිස් පොතේ ලියැවී ඇති ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙහි පැමිණිලිකරු මෝටර් සයිකල් අලු‍ත්වැඩියා කරන්නෙකි. නගරයට ටිකක් ඔබ්බෙන් ඔහුගේ ගරාජය පිහිටා ඇත. විත්තිකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු යමක් කමක් ඇති පවුලක, මත්පැනට ලොල් වූ නාස්තිකාර පුත්‍රයෙකි.
පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ, තමාගේ ගරාජයට නිතර නිතර ලෙඩ දෙන යතුරුපැදියකින් පැමිණෙන විත්තිකරු කාලයක් තිස්සේ දැන හඳුනන පුද්ගලයකු බවයි. පසුගිය දිනෙක ද ඔහු යතුරුපැදියේ දෝෂයක් මගහරවා ගැනීමට පැමිණ සිටි අතර, තමාට හදිසි කටයුත්තකට නිවෙසට යාමට සිදු වූ බැවින්, විත්තිකරුට තමා එනතෙක් රැඳී සිටින ලෙස ඉල්ලා, මජං ෂූට් එකෙන්ම නිවෙසට ගොස් පැමිණි බවයි.
සවස වැඩ අවසන් කර නිවෙසට යාමට සූදානම්ව කලිසම ඇඳ බලද්දී, මුදල් පසුම්බියේ තිබුණු රුපියල් 25,000ක මුදල අතුරුදන්ව ඇති බව දැනගත් බවත්, ඒ පිළිබඳව විත්තිකරුට දුරකතන ඇමතුමක් ගෙන විමසා සිටිය ද ඔහු මුදල් නොගත් බව තරයේ ප්‍රකාශ කළ ද, තමාගේ සැකය ඔහු නිසා මෙසේ පැමිණිලි කිරීමට තීරණය කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.
පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරු ගෙන්වා ප්‍රශ්න කළ අතර, තමා මෙහි චූදිතයා බැවින්, එම මුදල ඔහුට ලබා දී පැමිණිල්ල සමථ කරගන්නා ලෙස ඉල්ලා ඇත. තමා මුදල් නොගත් බැවින් එයට එකඟ වීමට නොහැකි යැයි ඔහු පවසා ඇත. 
එහිදී පොලිසිය ඒ ආසන්න නිවෙසේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී වසා තිබූ කාමරයට දොර හැරගෙන ඔහු යන අවස්ථා දෙකක් නිරීක්ෂණය වී ඇති බැවින්, ඔහුට කිසිසේත්ම මේ සොරකමින් ගැලවිය නොහැකි බව පෙන්වා දී ඇත.
එහිදී ඔහු තමා එසේ කාමරයට ගියේ වතුර බෝතලයක් තිබේ දැයි බැලීමට බව ප්‍රකාශ කළ ද, අවසානයේ මුදල් ලබාගත්තේ ඔහු බව පිළිගැනීමට සිදු වී ඇත.
එහිදී ඔහු ගත්තේ රුපියල් 6,000ක මුදලක් බවත්, මේ රුපියල් 25,000ක් ගත්තා යැයි කියන්නේ අමූලික බොරුවක් බවත් පවසා ඇත. එහිදී පොලිසිය, තමා මේ මුදල් ලබා නොගත් බවට බොරු කියමින් අවසානයේ පිළිගත්තා සේම, පැමිණිල්ලේ සඳහන් මුදල ද එහි නොතිබුණු බවට ඔප්පු කිරීමට නොහැකි පුහු තර්කයක් බව පෙන්වා දී ඇත.
පැමිණිලිකරු පැමිණිල්ලේ සඳහන් කර ඇති මුදල ඔහුට ලබා දී මේ කටයුත්ත පොලිසියෙන්ම අවසන් කළ හැකි බව පෙන්වා දුන් පොලිසිය, තමා එයට එකඟ නොවන්නේ නම් උසාවියෙන් බේරාගත හැකි බව ද පවසා ඇත. එසේ උසාවියෙන් බේරා ගන්නේ නම් දැන් තමා අත්අඩංගුවට ගෙන හෙට උදෑසන උසාවියට ඉදිරිපත් කරන බවත්, එහිදී ඇප ලබාදෙන්නේ ද නැති නම් බන්ධනාගාරගත කරන්නේ ද යන්න තීරණය කරන්නේත් අධිකරණය බවත් පොලිසිය ඔහුට පැහැදිලි කර දී ඇත.
එහිදී ඔහු තමාට සතියක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර, පොලිසියටම ඇවිත් එම මුදල් ලබාදෙන බවට ද පොරොන්දු වෙමින් පොලිසියෙන් පිටව ගොස් ඇත.
පසුව ඔහු යතුරුපැදිය විකුණා එම මුදල ලබාදුන් බව ද ආරංචියි. 

 



අදහස් (0)

බොරුව අතේ පත්තු වී හතර ගුණයක් පුදන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site