(බමුණාකොටුව - එච්.එම්.එන්. හේරත්)
තම බිරිඳ දරුවකු බිහි කිරීම සඳහා රෝහලට රැගෙන යාමට වාහනයක් සොයා ගිය සැමියා යහළුවෙකුගේ සුහද හමුවකට සහභාගී වී මත්පැන් බී සූර් වීමෙන් සියල්ල අමතක වී පසුදා නිවසට පැමිණෙන විට බිරිඳ දරුවා බිහිකර සිටි බව කියන පුවතක් වාරියපොළ ගම්මානයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
රාත්‍රි කාලයේ දරුවා බිහිකිරීමට ආසන්න වූ අවස්ථාවේ ඇය රෝහල කරා රැගෙන යාමට වාහනයක් ගෙන එන්නට ගිය සැමියාට අතර මගදී යහළුවකු හමුවී සුහද හමුවකට එක්වී ඇත.
වාහනය රැගෙන එනතෙක් පැය දෙකක් පමණ වේලාවක් බලා සිටි ඇය සැමියා නැතිකමින් කලබලයට පත්වී ඇය සැමියාගේ දුරකතනයට කතා කරද්දී යහළුවකුගේ තාත්තා කෙනෙකු අසනීප වී ඇති බවත් ඉක්මනට එන බවත් ගෙදර ළඟ නැන්දා සමග රෝහලට යන ලෙසත් ඇයට කියා ඇත.
පසුදා හිමිදිරි පාන්දර නිවසට පැමිණි ඔහුට බිරිඳ රෝහලේ සිටින බවත්, දරුවා බිහිවී ඇති බවත්, අසල්වැසියාගෙන් දැන ගැනීමෙන් පසුව ඔහු රෝහලට ගොස් ඇත.
“දැන් තාත්තාට සනීපද” යනුවෙන් බිරිය ඔහුගෙන් අසද්දී ඔහු නිරුත්තරව දරුවා දෙස බලා සිටි බව වාර්තා විය.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
857
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිරිය රෝහලට ගෙනියන්න වෑන්රියක් සොයා බාර් එකට ගිහින්