කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
රණ්ඩු සරුවල්වී මහගෙදර ගිය බිරින්දෑ නිවසට ගෙන්වා ගැනීමට ගොස් මහ උළු ගෙදර නොගොස් යාන්තමින් බේරුණු සැමියකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
විවාහ වී ටික දිනකින්ම දෙන්නා චුරු චුරු පටන් ගත්හ. ඒ චුරු චුරුව ගහ මරා ගන්නට පටන් ගැනීමට ද වැඩි කාලයක් ගත නොවීය. ඊට සමගාමීව බිරින්දෑ තරහවී ගිය අවස්ථා එමටය. ගිය සැනින් යළිත් ඇය නිවෙසට පැමිණි අවස්ථා ද නැත්තේ ද නොවේ.
කල්යත්ම ඇය තරහවී මහ ගෙදර ගොස් යළි නිවෙසට ඒමට ගතවන කාලය ටිකින් ටික වැඩිවෙමින් තිබිණ. වෙන දා පැය කිහිපයකින් පැමිණෙන ඇය කල්යත්ම දින කිහිපයක් දක්වාම වර්ධනයවී තිබුණි. එදා ඔහුගේ අතින් ඇයගේ කටේ දත් දෙකක් සෙලවීම නිසා ඇය නිවෙසින් මහ ගෙදරට ගියේ ආයෙත් නිවෙසට නොඑන බවට දිව්රා පොරොන්දු වෙමිනි.
දින කිහිපයක් ගතවුවත් ඇය නිවෙසට එන පාටක් ද නොවීය. ඔහුට ද පාළුව කාංසිය දැනිණි. එහෙත් ඔහු ඇය නිවෙසට කැඳවාගෙන ඒමට උත්සාහ නොකළේ එය සිය අභිමානයට හානියක්වේ යයි සිතාය. ඒ සඳහා ඔහු විකල්පයක් කල්පනා කළේය. ඒ වශී ගුරුකම් කරන ගුරෙකුගේ සහයෝගය ලබා ගැනීමය. ගුරා ඒ සඳහා වශී තෙලක් දුන්නේය. එය ඇයගේ හිසට දැමීම අනිවාර්ය විය.
කාටත් හොර රහසේ භාර්යාවගේ හිසට වශී තෙල් කුප්පිය වත් කිරීමට ඔහු සියලුම කටයුතු සම්පාදනය කළේය. භාර්යාවගේ මහ ගෙදර මග රැක සිටියේ ඒ නිසාය. අඳුර වැටීගෙන එනවිට භාර්යාව අසල තිබූ කඩපිලට යාමට එළියට බැස්සේ ඔය අතරවාරයේදීය.
හිසට තොප්පියක්, මුඛයට මුඛ ආවරණයක් යොදා අඳුනා ගැනීමට නොහැකිව වෙස් මාරුකර ගෙන භාර්යාව පස්සෙන් පැන්නූ ඔහු ඇයගේ හිසට වශී තෙල් කුප්පිය හලා දිව්වේය. මේ කිසිත් නොදත් ඇය බියවී කෑ ගැසුවේ මෙන්න හොරෙක් හොරෙක් කියමිනි. ඒ ශබ්දයට කලබල වූ අසල්වාසීන් ඔහු පසු පස පැන්නුවේ ඔහු අල්ලා ගස් බැඳීමටය. ඒ වනවිට කිහිපදෙනකු හොරා සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ද දැනුම්දී තිබිණ.පිම්මේ දිව ගිය හොරා අල්ලා ගැනිණ. සිය හිසට තෙල් බෝතලයක් හලා ගිය හොරා දුටුවිට ඇයට තරු පෙනුණි. ඔහුට සිද්ධිය වමාරන්න සිදු වූයේ ඒ වනවිටත් එම ස්ථානයට පොලීසිය පැමිණ සිටි නිසාය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිරිය යාළු කරගන්න ගිහින් අමුතුම පරිප්පුවක් කාලා
vernon Tuesday, 04 April 2023 02:41 PM
අයියෝ මේක වසර ගාණකට කලින් රූපවාහිනියේ ගිය ටෙලි නාට්‍යයක තිබ්බ එකක්නේ...