IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බිරිය මෝඩයාට අන්දවා සැමියා ගේ ඇතුලේම පෙම් කෙළලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මෝඩයාගේ දිනය එළැඹුණු අප්‍රේල් 01 වැනිදා සැමියාගේ උපදෙස්වලට අනුව කටයුතු කළ තම බිරිය මෝඩයාට අන්දවා සැමියා ප්‍රේම රංගනයක යෙදී ජාමේ බේරාගත් පුවතක් යාපහු පුරවරය අවට ගමකින් අසන්නට ලැබුණි.


නිවෙසේ පසුවන දෙදෙනාම රාජ්‍ය සේවකයෝය. සැමියා ඉකුත් 01 වැනිදා නිවාඩුවක් දමා ගෙදරට වී සිටියේය. බිරිය එදින උදේ කෑම සුදානම් කරගෙන සේවයට යාමට පිටත් වුවාය.


සැමියා බිරිය අමතා මෙසේ පැවසීය.


අද මෝඩයාගේ දිනය. කන්තෝරුවේ අයයි වටපිටාවේ අයයි අපි මෝඩයාට අන්දවන්න සුදානම් වෙයි. ඒවාට අහුවෙන්න නම් එපා.
අමතක වී තිබුණු එදින සිහියට ගත් ඇය ආයතනයට ගියාය.


සියල්ලන් ගොන්කම්වලට අසුවුවත්, ඇය පමණක් සැමියා දිනය සිහිපත් කර තිබු නිසා ආඩම්බරයෙන් යුතුව එහි පසු වුවාය.


මේ අතර ඇය සේවයේ යෙදී සිටියදී නිවස අවට යෙහෙළියක ඇය ඇමතුවාය.


“අක්කේ, ඔයාගේ මහත්තයා ගෙදර යමක් කරනවා. අපි ගේ වට කරගෙන ඉන්නේ ඔයා ඉක්මනට එන්න.”


“හරි මං ටක් ගාලා එනවා යැයි පවසා ඇය දුරකතනය විසන්ධි කළාය.”


ටික වේලාවකට පසුව තවත් හිතවතියක් කතා කළාය.


“ඇයි ඔයා එන්න පරක්කු. ඉක්මනට එන්න. අපි ගේ වටකරගෙන ඉන්නේ.”


“ඔයාලා ගේ වටකරගෙනම ඉන්න. මං මේ එන ගමන්’’ කියා ඇය එම සංවාදයද විසන්ධි කළාය.”


කෙසේ වෙතත් ඇය වෙනදාට එන වෙලාවටම සුපුරුදු ලෙසට බස් රථයෙන් විත් බැස්සාය.


අවට කට්ටිය ඇය අසලට දිව ආහ.


“අනේ, අනේ ඔයාලා මාව මෝඩයාගේ දිනේ දා මෝඩයාට අන්දනන්න හැදුවා නේද?


 අපේ මහත්තයා හින්දා මං විතරයි ආයතනයෙන් බේරුණේ. නැතිනම් මමත් අහු වෙනවා. හොද වෙලාවට මට ඒ දිනය මහත්තයා මතක් කෙරුවේ. ඇය තරතෝංචියක් නැතිව කියාගෙන ගියාය.”


රැස්ව වු පිරිස මුණෙන් මුහුණ බලා ගත්හ.


හරි හරි ඔයා කතා කෙරුවා ඇති. අපි කියන දේත් අහන්න ‘‘අවට කාන්තාවක්’’ කතාවට මුල පිරුවාය.


“ඔයාට දිනය මතක් කරලා මහත්තයා ඇත්තටම වෙන ගෑනියක්  ගෙදර ගෙනැත් ඉදලා’’ මේ ඔයා එන බස් එකට ටිකකට කලිනුයි පිටවෙලා ගියේ”  ඇයද කීවාය.


කතාව ඇසු කාන්තාවට උන් හිටි තැන් අමතක වුවාය. සැමියා තමා මෝඩයාටම අන්දවා නිසි නින්දේ කාලය ගෙවා ඇති බව වටහා ගත් ඇය ලජ්ජාවට පත්ව ගෙට ගියේ සැමියා එනතුරු කෙස්වලු‍ පටලවා ගැනීමේ අටියෙන්ලු‍.



අදහස් (0)

බිරිය මෝඩයාට අන්දවා සැමියා ගේ ඇතුලේම පෙම් කෙළලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 30 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site