IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිරියගේ පතිවත හොයන්න ගිය සැමියා අම්බානට කාලා

  (මොරගොල්ලාගම සිසිර කැලේගම)
විවාහක බිරියකගෙන් සැමියා හා  ඔහුගේ ගජ මිතුරෙකුට අම්බානට ගුටි කෑමට සිදුවීමේ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


සැමියා හා බිරිය දෙදෙනාම රාජ්‍ය සේවා ආයතන දෙකක සේවයේ නියැලෙන අය වෙති. 


දෙදෙනාම සතියේ දිනවල උදේ  නිවසින් එකට පිටත්ව යන නමුත් සවස් යාමයේ පැමිණෙන්නේ වෙනම වෙනමය.
සැමියා බිරිය කෙරෙහි නිතර නිතර පසුවෙන්නේ සැකය හා කුතුහලයෙනි.


බිරිය තමා පතිදම් රකිමින් ධර්මයට අනුව කටයුතු කරන නිසා ඇය සැමියාගේ සැකය තුට්ටුවකට මායිම් කරන්නේ නැත.
මේ තත්ත්වය තේරුම් ගත නොහැකිව දෙගිඩියාවෙන් පසු වූ සැමියා ඒ පිළිබඳව තම හොඳම මිතුරාට පවසා යෝජනාවක්ද ගෙන ආවේය.
‘‘මම අද ගෙදර එන්නේ නැහැ කියලා බිරියට කියලා තියෙන්නේ.


ඔයා රෑවෙලා මාව හොයාගෙන ආ විදියට අපේ ගෙදරට ගිහින් මගේ නෝනට යම් යෝජනාවක් කරපන්.


වැඩේ ගැස්සුනොත් මං බලා ගන්නම්.’’
මිතුරා ද ඒ යෝජනාවට කැමැති වූයේය.
ඊට පෙර දෙදෙනාම පදමට වෙරි වූහ.
සැමියා අතරමඟ නැවතුණේය.
මිතුරා සැමියා සොයාගෙන ගෙට ගියේය.
“මහත්තයා නෑ. වාඩි වෙන්න. මං තේ එකක් හදන්නම්.”
ඇය ආගන්තුක සත්කාර කිරීමට සූදානමින් මුළු තැන් ගෙට ගියා ය.
ඈ පසුපසින් ගිය මිතුරා ඇයට අයුතු යෝජනාවක් ගෙනාවේය.


එය කන වැකුණු සැනින්  ඇය තේ දීම පසෙක තබා ඔහුගේ කනට වැරෙන් පහර පිට පහර දුන්නාය.


ඒ සැණින් නිවසට සැමියාද පැමිණියේය.


 ඇය  යක්ෂණියක මෙන් සිදුවූ දේ  සැමියාට කීවාය.
සැමියා එය සමථයකට පත් කරන්නට සූදානම් වුණි.
සිද්ධිය සැමියාගේම උප්පරවැට්ටියක් බව ඇය ද දැන ගත්තාය.
ඇය කෑ ගැසුවා ය. අවට පිරිස් දිව ආහ.
ඒ වනවිටත් මිතුරා නිවසින් නික්ම ගොස් තිබුණි.
සැමියා කර ඇති නින්දිත ක්‍රියාව ඇය සමාජය ඉදිරියේ හඬ නැගුවා ය.


අවට වැසියන් හමුවේ ‘මේ වාගේ බාල වැඩ කරන්න තමුසේ සැමියෙක් ද?’ කියා ඇය ඔහුට ද කනේ පහරක් ගැසුවාය.
අවට පිරිස් යළි ඔහුට ගුටි කෑමට ඉඩ නොතියා ඔහු වහන් කරගෙන පිටතට රැගෙන යාමට උත්සාහ කළහ.
 බිරියගේ තරහ පහව යන තෙක් කන අත ගගා පිරිස කැටුව ‘වෙච්ච දෙයක්’ කියමින් ඔහු ද ඉන් නික්ම ගියේය.

 



අදහස් (0)

බිරියගේ පතිවත හොයන්න ගිය සැමියා අම්බානට කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site