IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බිිරියගේ නංගිට විවාහයක් කරදෙන්න මස්සිනාගෙන් අමුතු කොන්දේසියක්

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

සිය බිරිඳගේ බාල අවිවාහක සහෝදරියට මනමාලයකු සොයා දිය හැකි බව පවසා ඇයට අපූරු යෝජනාවක් කර ඇතැයි කියන පුද්ගලයකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවිය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

ලිංගික අල්ලස ඉල්ලා ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු විවාහ වී ඇත්තේ රත්නපුරයේ කතක සමගිනි. බිරියට වැඩිමහල් සහෝදරයකු හා බාල සහෝදරියක සිටින අතර වැඩිමහල් සහෝදරයා විවාහ වී මව්පියන් සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටී. ඔවුන් සමග පදිංචිව සිටින බාල සහෝදරියට අවුරුදු 25කි. උපාධිධාරිනියක වන ඇයද රැකියාවක් අපේක්ෂිතව නිවසේ කල් ගෙවමින් සිටී.

මීට මාස දෙකකට පමණ ඉහතදී එකී පුද්ගලයා බිරිඳ හා දරුවන් දෙදෙනා සමග ත්‍රීරෝද රථයෙන් රත්නපුරයේ බිරිඳගේ මහ ගෙදර ගියේ නැන්දා මාමාගේ සුවදුක් විමසා බැලීමටය. එහිදී බිරිඳගේ මව බෑනාට ප්‍රකාශ කර ඇත්තේ “පුතේ පුතා වගේ හැම දේම කල්පනා කර වැඩ කරගන්නා පිරිමි දරුවෙක් කැගල්ල පැත්තෙන් බාල දුවට හොයලා දෙන්න බලන්නකො” කියාය. “හරි අම්මේ මම සුදු නංගිට කෑගල්ල පැත්තෙන් හොද කොල්ලෙක් ඉක්මනටම හොයලා දෙන්නම්” යනුවෙන් බෑනාද නැන්දම්මාගේ සිත සතුටු කරවමින් ප්‍රකාශ කළේය. දින දෙකක් රත්නපුර නිවසේ සිට මෙම පිරිස යළි කෑගල්ලේ නිවසට පැමිණියේ බිරිඳගේ බාල අවිවාහක නැගණියගේ ජංගම දුරකතනයේ අංකය ද ඉල්ලා ගනිමින්ය. ගෙවී ගියේ දින කිහිපයකි.

දිනක් බිරිඳගේ නැගණියගේ දුරකතනයට ඇමතුමක් ගත් එකී පුද්ගලයා කියා සිටියේ “නංගි ඔයාට ගැළපෙන හොඳ කොල්ලෙක් මම වරකාපොළ පැත්තෙන් හෙව්වා. ඌ දැනට රජයේ රැකියාවකුත් කරනවා. පවුල් පසුබිමත් හොඳටම හොඳයි. කොල්ලත් ලස්සනයි. අරක්කු සිගරැට් බොන්නෙත් නෑ යනුවෙනි. “හා අයියේ එයාගේ ඡායාරූපයක් ඉල්ලා අම්මට එවන්නකෝ අපිට බලන්න” ඇයද මස්සිනාට පැවසුවාය. “නංගි මම ඒ වැඬේ ඉක්මනටම කරන්නම් හැබැයි මේ කතාව ඔයා කවුරුවත් සමඟ කියන්න එපා. කිවුවොත් මම ඔයාට ඒ කොල්ලා සම්බන්ධ කරලා දෙන්නේ නෑ” යනුවෙන් එම පුද්ගලයා ප්‍රකාශ කළේ මහා බලාපොරොත්තුවක් සිතෙහි ඇති කර ගනිමින්ය.

කියන්නකෝ අයියේ මොකක්ද කියලා ඇය පැවසුවිට ඔහු කිවේ නංගී මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා ඇසුරුකරන්න කැමතියි කියාය. “අයියේ ඒවට නම් එන්න එපා මම මේ ගැන අක්කා සමඟ කියනවා” යැයි පවසා දුරකතන සම්බන්ධතාව විසන්ධි කළාය. එදින සවස එකී පුද්ගලයාගේ බිරිඳගේ දුරකථනයට ඇමතුමක් ගත් රත්නපුරයේ බාල සහෝදරිය සිද්ධිය සම්බන්ධයෙන් අක්කාට සියල්ල ප්‍රකාශ කළාය. එදින සිට මේ දක්වා දෙදෙනා අතර සිද්ධිය මුල් කරගෙන ගැටුම් පවතින බවත් පවුල් ජීවිතයද දිනෙන් දින කඩා වැටෙමින් පවතින බවත් අනාවරණය විය.



අදහස් (7)

බිිරියගේ නංගිට විවාහයක් කරදෙන්න මස්සිනාගෙන් අමුතු කොන්දේසියක්

Dilan Friday, 06 September 2019 06:17 AM

"පුතා වගේ හැම දේම කල්පනා කර වැඩ කරගන්නා පිරිමි දරුවෙක්"... කාන්තාවන්ගේ කෙසේ වෙතත් නැන්දම්මලාගේ මොළේ නම් හැඳි මිටේ දිග තමයි. මම අද්දැකීමෙන් කියන්නේ.

:       0       115

kamal Sunday, 08 September 2019 03:32 AM

මේක නම් උදේ, හවස පිරිත් අහන සිංහල පවුලක කතාවක්...

:       514       432

BANDARAMonday, 09 September 2019 11:37 AM

මිනිස්සුන්ගේ දුස්සීල වැරදිවලට පිරිත ගාව ගන්න එපා. පිරිතේ කොතැනකවත් ඔයවගේ දේවල් කරන්න කියලා නැහැනේ. කොහෙන් ගියත් බෞද්ධකමට, ධර්මයට, සංඝයාට, බනින්න තමා මේ හිස් මිනිස්සු දන්නේ... හිස් ජීවිත. අනේ පව්...!!!

:       130       229

SamanTuesday, 10 September 2019 04:51 AM

ඒ කතාව ඇත්ත. මේ කතාවේ කොහේවත් පිරිතක් ගැන කියලා නෑනේ. කමල් වගේ අයට සින්හල බෞද්දකම ගැන ලොකු වෛරයක් තුයෙනවා. කොහෙත්ම අදාල නැති දේකටත් පිරිතක් ඈදන්නේ ඒකයි.

:       17       131

NuwanWednesday, 11 September 2019 07:31 AM

ඇත්ත හැබැයි අපි හැමෝම දන්නවා ඔය වගේ වැඩ කරන්න කියලා එක්තරා ආගම් පොතක නම් ලියල තියනවා , මේ කමල් යන නමින් ලියන්නේ එවැනි කෙනෙකු විය හැකියි.

:       0       8

chinthakaWednesday, 11 September 2019 03:18 AM

වෙන්න බැහැ .මේක "නොදැක්ක, නොදන්න දෙවියෙක්" වෙනුවෙන් කැපවෙච්ච පවුලක ක්‍රියාවක් .

:       0       3

chandima Wednesday, 11 September 2019 07:33 PM

මේක හොඳට ප්ලෑන් කරලා කරපු දෙයක් වගේ? අක්ක ගියාට පස්සේ බලන්නකෝ නංගි එන්නේ නැතිද කියල නවතින්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site