IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බිරියගේ දොළදුක නිවන්න ගිහින් සැමියා තහනම් ගහක පැටලිලා

(රක්වාන ඩබ්ලිව්. ඒ. සිරිසේන)

ගැබිනි බිරියගේ දොළදුකට කන්න දන්සල් බත් ගේන්න ගිය සැමියා තවත් කාන්තාවක  සමග තොරණ බලන්න ගොස් ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධ  සිද්ධියක් පසුගිය පොසොන් පොහොය දවසේ රක්වානට නුදුරු ගම් ප්‍රදේශයකින්  වාර්තා විය.


 ඉකුත් පොසොන් පොහොය දිනයේ සැමියා අමතමින් බිරිඳ ‘අද ඔයා වැඩට යන්නේ නැති එකේ ටවුමේ තියෙන දන්සලට ගිහිල්ලා බත් පාර්සලයක් ගේන්න කෝ මටත් දන්සල් බත් කන්න ආසාවකුත් තියෙනවා’ යනුවෙන් පැවසුවාය. බිරිඳගේ ඇකයේ සිටි දරුපැටියාගේ මුහුණද සිඹ ඩෙනිම් කලිසමකින්  හා ඊට ගැලපෙන කමිසයකින්ද සැරසී සැමියා  නිවසින් පිටව ගියේය.


 එදින මැදියම් රාත්‍රිය වනතුරුත් සැමියා ආපසු නිවසට පැමිණියේ නැත. ඒ ගැන සිතමින් කල්පනාවේ සිටි බිරිය රාත්‍රියේ නින්දට වැටුණේ නිරාහාරවය. ඒ අතරේ අලුයම් කාලයේ නිවසට පැමිණි සැමියාට ද ඉස්තෝප්පුවේ තිබුණ පුටුවක් මත නින්ද ගොස් ඇත. පසුදින දහවල් බිරියට දැනගන්නට ලැබුණේ අමිහිරි ආරංචියකි. තොරණපළේ රටකජු වෙළඳාමේ යෙදුණ අසල්වැසි වැඩිහිටි මාමා කෙනෙක් ඇයට පැවසුවේ ‘දුවේ මම ඊයේ රාත්‍රියේ තොරණපළේදී දැක්කා උඹේ මනුස්සයා තවත් ගෑනු කෙනෙක්  එක්කල ජෝඩු දාගෙන තොරණ බලනවා’


මේ ආරංචිය කනවැකුණ බිරිය මාරාවේශයෙන් නිවසට ගොස් ‘මම යනවා අපේ අම්මලාගේ ගෙදර හැබැයි මීට පස්සේ ජීවිතේට තමුසෙත් එක්කල පවුල් කන්නේ නැහැ කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දාලයි යන්නේ’ යැයි ඇය පැවසුවාය. දරුවාද වඩාගත්  බිරිය නිවසින් පිටවී යන දෙස සැමියා බලා සිටියේ සිදුවූ කිසිදෙයක් නොදන්නා අයෙකු මෙනි. 



අදහස් (0)

බිරියගේ දොළදුක නිවන්න ගිහින් සැමියා තහනම් ගහක පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site