IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


බිරියගේ ගෝරනාඩුවට සැමියාට තරුත් පෙනිලා

මේ දින වල කොයි කාටත් ආර්ථික අමාරුකම් පෙරට වඩා දැනේ. හදිසියකට මුදල් අත මාරුවක් කර ගන්නට වුවද ලෙහෙසි නැත. 


පෙදරේරුවකු ලෙස කටයුතු කරන මේ කියන පුද්ගලයාට ද දරුවකුගේ අසනීපයකට රුපියල් දස දහසක පමණ මුදලක් අවශ්‍ය විය. 
දිනපතා වැඩ කළත් හොයන සොච්චම වරුවක් ජීවත් වන්නට මදිය. ඔහු දස අතේ කල්පනා කළේය. 


එකම ක්‍රමයයි ඇත්තේ පොලියා හම්බවෙලා ගිනි පොලියටවත් සල්ලි ටිකක් ඉල්ලා ගන්නවා. වෙන මොනවා කරන්නද? බිරිය කීවේ අවසන් තීරණය එය බව තහවුරු කරමිනි. 


මේ කියන පුද්ගලයා පොලී මුදලාලි සොයා රත්නපුර නගරයට ගියේ ඒ අනුවය. පොලී මුදලාලිගේ ආවතේවකරු ද ඔහු සමග විය. 
බොහෝ කරුණු කාරණා කී පසු කොන්දේසි හා නීති රෙගුලාසි ද පිට ඉල්ලූ ණය මුදල පෙදරේවරුවාට ලැබිණි. 


පළමු මාසයේ පොලිය ලෙස රුපියල් 1000 ක් ද අඩු කළ පසු රුපියල් 9000 ක මුදලක් අතට ලැබිණි. 


ඔහොම බෑ බං මම කියල කියලයි උඹට ණය ටික ඉල්ලලා දුන්නේ. පොලී මුදලාලිගේ ගෝලයාගේ භාෂාව ඔහුට තේරුම් ගියේය. 
පොලී මුදලාලි හා ගෝලයා හොඳට කන බොන දෙදෙනෙකි. යමු..... තිදෙනාම රත්නපුර තැබෑරුමකට රිංගුයේ දුර දිග නොබලමිනි. 
තිදෙනා දහවල් සිට රෑ වන තුරු තැබෑරුමේය. 


දහවලේ සිට හිස් කළ බෝතල්, කට ගැස්ම ආදියේ බිල ආ පසු පොලියට ගත් මුදල් ටික ද බිල ගෙවීමට පමණක් සීමා විය. 


පෙදරේරුවා නිවසට ගියේ වැනි වැනිය. යක්ෂයාරූඪව සිටි බිරිඳ පෙදරේරුවාට සැලකූ සැලකිල්ල ඇසී අහළ පහළ අය කනේ ඇබ ගසා ගත්තේ ඒ තරමට ශබ්ද පූජාව දරුණු වූ බැවිනි. 
(ගිරිමලේ අමරදාස අංගම්මන) 

 



අදහස් (4)

බිරියගේ ගෝරනාඩුවට සැමියාට තරුත් පෙනිලා

nisar Wednesday, 01 August 2018 08:00 AM

හරියට කල් බදු ක්‍රමයට වාහනයක් අරන් වාරිකය ගෙවා ගන්න බැරිවුනාම ලීසිං සමාගම් වාහනය අත්පත් කර ගන්නවා වගේ දෙයක් වෙලා තියෙන්නේ. අන්තිමට වහනයත් නැහැ. ගෙවපු මුදලුත් නැතිව යක්ෂයාරූඪ වෙනවා.

:       2       14

himalWednesday, 01 August 2018 12:04 PM

කල්බදු ක්‍රමයට වාහන හිමිකරගන්නවා කියලා ක්‍රමයක් නෑ. කල්බදු ගිවිසුම අනුව ගත්තත් වාහනයේ පරම හිමිකරු වෙන්නේ අදාළ කල්බදු සමාගමයි. ඔය ලීසිං කිය කිය උඩ පනින සමහර සමාගම් කරන්නේ වාහන ලීසිං විතරයි. බොරු නම් ව්‍යාපාරය දියුණු කරන්න යන්ත්‍රයක් ලීස් කරගන්න අහන්න. ලීස් කරලා වාහන ගන්නවා කියන්නේ ඒ සමාගම් නීතියෙන් රිංගන ක්‍රමයක්. ඔයා කුලී පිට ගැණුම් ක්‍රමයට (සමහරු ‍ෆිනෑන්ස් කරනවා කියන්නේ) වාහනයක් ගන්නවා නම් එහෙම හිතූ හිතු වෙලාවට වාහන උස්සන්න බෑ.

:       0       32

vernon Wednesday, 01 August 2018 12:08 PM

සාමාන්‍යයෙන් අද මේසන් බාස් කෙනෙක්ට දවසක කුලිය රු 3000ක් විතර වෙනවා. ඒ දීලත් එක දිගට වැඩ ගන්න හොයාගන්නත් බෑ. ඉතින් රු 10000ක් ඉතුරු කර ගන්න බෑ කියන්නේ මෙයා ඔය හම්බ කරන සල්ලි බීමටම නාස්ති කරලා ඇති. අනික මේ සල්ලි ගිනි පොළියට දෙන එක නීති විරෝධී වැඩක්. හැකි නම් කියන්න මේක මහ බැංකුවට පැමිණිලි කරන්න කියලා.

:       0       4

තුශා Wednesday, 01 August 2018 03:05 PM

දරුවාගේ අසනීපය කෙසේ වෙතත්, මෙයාගේ අසනීපයකටයි බෙහෙත් අරන් තියෙන්නේ.. ශබ්ද පුජාව නොවෙයි, වෙන මොනවාහරි දෙයකින් පූජාවක් තියන්න තිබ්බේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site