IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරියගේ අමුතු ගැටයෙන් කපුවා කපෝති

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
දේවාරූඪයෙන් පේන කියන සැමියාගේ හොර ඇල්ලීමට වෙස් මාරු කරගෙන පැමිණි බිරිඳට ආලවන්තකම් පා ඔහුගේ දුරකතන අංකය ලබා දුන් කපුවෙකු හට බිරිඳගෙන් කම්මුල් පාරක් ලැබුණු පුවතක් උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ.


මීට වසර කිහිපයකට පෙර දෙවියන් ආරූඪ වී යැයි පවසමින් දේවාරූඪයෙන් පේන කියන දේවාලයක් ආරම්භ කළ හතළිස් දෙහැවිරිදි දෙදරු පියකුගෙන් පේන ඇසීමට විවිධ ප්‍රදේශවලින් දිනපතා සැලකිය යුතු පිරිසක් පැමිණීම නිසා දේවාලයේ කපු මහතාගේ අතමිට සරුවිය.


  දෙවියන්ගේ පිහිට ලබා ගැනීම සඳහා පැමිණෙන ඇතැම් කාන්තාවන්ගේ සැමියන් ගැන බොරු වැරැදි මවා පාමින් එම කාන්තාවන් සමඟ අනවශ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන බව විවිධ අය හරහා බිරිඳට දැන ගැනීමට ලැබිණි. දේවාලය ආරම්භ කිරීමෙන් පසු තම ආර්ථික තත්ත්වය සරු වූ බැවින් බිරිඳ මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.


නමුත් මෑතක සිට දේවාලයේ  ආදායමෙන් විශාල මුදලක් කපුවා සමඟ හිතවත් කාන්තාවන්ට වැය කරන බවට දේවාලයේ අත්උදව්වට සිටින අයගෙන් අසා දැනගත් බිරිඳ තම සැමියාගේ හොරකම් අතටම අල්ලා ගැනීමේ අදහසින් තම හැඩරුව වෙනස් කරගෙන බටහිර පන්නයට ඇඳ පැළඳගෙන දේවාලයට ගියේ උපැස් යුවළක්ද පැළඳගෙනය.


පේන ඇසීමට පැමිණි අනෙකුත් අය මෙන් පෝලිමට ගොස් තම වාරය එන තෙක් රැඳී සිටි බිරිඳට පේන ඇසීමේ අවස්ථාව උදා වුණි. දේවාලය ඇතුළේ සිට ආවේස වී පේන කියන කපුවා බටහිර පන්නයට ඇඳ පැළඳ තමා ඉදිරියේ සිටින කාන්තාව අමතා ඇගේ සැමියා විවිධ කාන්තා ඇසුරුකම් ඇති බවත් එම සම්බන්ධතා තමාට නවතා දැමිය හැකි බවත් පැවසීය. ඒ සඳහා විශේෂ පූජාවක් පැවැත්වීමට මේ දේවල් රැගෙන එන ලෙස පවසා කොළ කෑබැල්ලක් පේන ඇසීමට පැමිණි කාන්තාව අත තැබීය.


එය දිග හැර බැලූ විට එහි ඇත්තේ කපුවාගේ දුරකථන අංකය පමණි. එය දැකීමෙන් කෝපයට පත් බිරිඳ කපුවාගේ කම්මුලට පහරක් ගසා මම ආවේ උඹලාගේ හොර අල්ලා ගැනීමට යැයි පැවසීමත් සමඟ දේවාලයට පැමිණ සිටි පිරිස ඉන් ඉවත්ව ගියේ සිදුවූ කිසිවක්  අදහාගත නොහැකිවය.

 



අදහස් (0)

බිරියගේ අමුතු ගැටයෙන් කපුවා කපෝති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site