IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බ්රිඳ දෙවියන්ට වගේ සලකනවා කී සැමියා අම්බානක කාලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නිවසේදී සිය භාර්යාව තමාට සලකන්නේ දෙවියන්ට බුදුන්ට මෙන් යයි කාර්යාලයේදී නිතර නිතර පුරසාරම් දෙඩූ සහෘදයකුට ඇත්තටම භාර්යාව  ඔහුට පෙරේතයකුටත් වඩා අන්ත ලෙස සලකන අයුරු දැක ගැනීමට හැකි වූ  පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.


 හේ නිතරම කාර්යාලයේදී කීවේ තමා නම් ගෙදර සිටින්නේ කොන්ද කෙළින් තියාගෙන බවය. නෝනා තමාට උඩින් නොයන බවත් ඔහු නිතර නිතර පැවසුවේය. ඒ අඩියක් පුඩියක් ගහගෙන ගෙදර ගියදාට  නෝනා දමන ගෝරි පිළිබඳව සිය සහෝදර සේවකයන් කාර්යාලයේදී පවසන විටදීය. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එදාට නෝනා වෙනදාටත් වඩා මට සලකනවා යයි ඔහු වැඩිදුරටත් කීවේය.
ස්වාමිපුරුෂයන් දැන ගන්න ඕනෑ නෝනා හදා ගන්න. බිය ගුල්ලන් වගේ ඉන්න නම් හොඳ නැහැ යයි එවන් අවස්ථාවලදී ඔහු තව තවත් පුරසාරම් ඇද  බෑවේය. ඔහු නිතරම පෙන්නුවේ නෝනා තමාට දෙවියන් බුදුන් මෙන් සලකන බවය.


මේ අතර වාරයේදී ඔහුගේ ගමේ තිබූ මළ ගමකට ඔහු සමග එකට වැඩකරන සේවකයන් දෙදෙනෙකු  යතුරුපැදියකින් රාත්‍රියේ ගොස් තිබිණ. සිය සහෝදර සේවකයා මතක්වුණු මේ දෙදෙනා නිදිමත යන්නත් එක්ක යතුරුපැදිය මග දමා මළගම අසල තිබූ ඔහුගේ නිවසට ගියේ හොඳ කෝපි කෝප්පයක් තොල ගෑමේ අටියෙනි.


 ඔහුගේ නිවස ආසන්නයට  යත්ම නිවස තුළින් මහා ගාලගෝට්ටියක් ඔවුනට ඇසිණ. එම නිවසේ ඉදිරිපස දොරද වසා තිබිණ. ඔවුන් දෙදෙනා සිතුවේ සිය මිතුරාගේ නිවසේ අයෙකුට කරදරයක්වත් ද කියාය. ඒ නිසාම ඔවුන් දෙදෙනා මිතුරාගේ නිවසට කිට්ටු කරන විට ඔහුගේ භාර්යාව කාටදෝ තදින්ම බැණ වදිනු ඇසිණ. ඔවුන් සිතුවේ ඇය බැණ වදිනුයේ තම දරුවෙකුට කියාය. වඩාත් හොඳින් කන්දීගෙන සිටි ඔවුනට ඇසුණේ තමාට දෙවියන් බුදුන් මෙන් සලකනවා යයි කී බිරිඳ උඹ තෝ යකෝ කියමින් ඔහුට හොඳට දෙස් දෙවොල් තබන බවය.


තම නෝනලාට තම හයි හපන්කම් පෙන්වන ලෙස නිතරම පවසන නිසා ඔවුහු මේ  අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතූහ. ඒ සිතුවිල්ලත් සමගම ඔවුන් දෙදෙනා මිතුරාගේ නිවසේ දොරට තඩි බෑවේය. සිය අනන්‍යතාව තහවුරු කරගෙන නිවසේ දොර ඇර ගන්නා විට ඔහුට දෙස් දෙවොල් තබමින් සිටි ඔහුගේ ඇඹේනිය වාෂ්ප වී හමාරය.


අපි ටිකක් වෙලා වෙනවා ඇවිල්ලා. කොහේද ඉතිං කතා කළාට ඇහුණ එකක්‍ යැ නෝනා උඹට දෙන දීමට අපි කතා කළ එක ඇහුණෙ නැහැ. අනේ මචං උඹලාටත් ඇහුණාද මගේ ගෑණි බැණපුවා. මොකදමේ උඹලා අවේලාවෙ එනකොට කියලා එන්න එපායැ ඔහු බයාදු ලෙස කීවේය. මචං අපි ආවේ මේ මළ ගෙදරට. එහෙ ආපු ගමන් උඹලා දිහාත් එන්න හිතුණා යයි මිතුරන් දෙදෙනා කීහ. අනේ මචංලා අද වුණු දේ කාර්යාලයේ කාටවත් කියන්න එපා. ඒ ගැන කටේ කෙළ බිමදාන්න එපා යයි මිතුරන්ගෙන් ඔහු පොරොන්දු කර ගත්තේය.


 නෝනා  ඔහුට බැණපු බව නොකියන බවට  මිතුරන් දෙදෙනා පොරොන්දු වුවද ඔවුන් ඒ ගැන එක් අයෙකුට නොව මුළු කාර්යාලයටම කීවෝය. ඔහු පසුදා කාර්යාලයට එන විට මුළු කාර්යාලයේම ඇත්තෝ පෙරදා රාත්‍රියේ ඔහුගේ නිවසේදී  ඔහුට භාර්යාව දෙවියන් බුදුන් ලෙස සලකන අයුරු දැනගත්හ.



අදහස් (0)

බ්රිඳ දෙවියන්ට වගේ සලකනවා කී සැමියා අම්බානක කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site