IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිරිඳට පිරිමිකම පෙන්නන්න ගිහින් කොහුපාර කාලා

නිවසේ වහල විනාශ කරන වඳුරන් බිමට ඇද වැටීමට උගුලක් අටවන්න ගොස් බාගෙට කැපූ අඹ අත්තක් වහලට වැටී උළු කැට බිඳීම නිසා උරණ වූ බිරිය සැමියාට කොසු පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ප්‍රකට නගරයකට ආසන්න ගමකින් වාර්තාවේ. 


මොහු ප්‍රකට සංචාරක හෝටලයක වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කරන අතර  බිරිය ද මූල්‍ය ආයතනයක ක්ෂේත්‍ර නිලධාරිනියකි. නිවෙසේ වහලට නිතර නිතර වඳුරන් පැනීම නිසා වහලේ  උළු කැට බිඳි නිවස ඇතුළ තෙමෙන්නට විය. බිඳුණු උළු කැට වෙනුවට අලුතෙන් උළු කැට දැමිම මහත් හිසරදයක් විය. මේ පිළිබඳව බිරිය දොස් පැවරුවේ සැමියාටය.


වඳුරෝ පැනල වහල කඩනවා. මේ විදියට උළු කැට දාන්න ගියොත් හම්බ කරන පඩිය මදි ඔයා ඉතිං වැඩකරයා වුණාට මේ වඳුරන්ගෙන් වහල බේර ගන්න මුකුත් කළේ නැහැ. පිරිමි කමටත් ලැජ්ජයි. මුකුත් කරන්න බැරිනම් වඳුරන් වහලට පනින අඹ ගහවක් කපා දමන්න බිරිය චෝදනා මුඛයෙන් කතා කළා. 


හරි හරි ඔයා කලබල වෙන්න එපා. හෙට මගේ ඔෆ් ඬේ එක. ඕකට මම හොඳ උගුලක් අටවන්නම්. සැමියා වීරයකු මෙන් කීවේ බිරියට සෙකන්ඞ් නොවීමටය. 


අනේ ඔයාගෙ උගුල්. අම්මාගෙ හත් දවසේ දානෙ තටුවට තියපු බැදපු මාළු කෑල්ලත් බයිට් එකට ගත්ත මිනිහ නොවැ. බිරිය හින්ට් එකක් අරිමින් කීවාය. 


පසුවදා උදේ බිරිය සේවයට ගිය පසු සැමියා වහලට පනින වඳුරන් බිමට ඇද වැටෙන අයුරින් වහල උඩ තිබු අඹ අත්ත බාගෙට කපා තැබුවේය. 


බිරිය සවස සේවය නිමවා නිවෙසට පැමිණ ටික වේලාවක් ගත වෙද්දී වඳුරෝ රංචුවක්ම ඈත සිට පැමිණියහ. 


ඔන්න අද මගේ වැඩ බලා ගන්න පුළුවන්. අද තමයි වඳුරෝ හොඳ පඩමක් ඉගෙන ගන්නේ සැමියා උජාරුවෙන් කීවේය. 


ගත වුයේ ස්වල්ප වෙලාවකි. වඳුරන් අඹ අත්තට පනිනවත් සමග අඹ අත්ත කඩාගෙන වහලට වැටුණි. වඳුරෝ රංචුව වෙනත් අත්තකින් වහලට පැන දිව ගියහ. අඹ අත්ත වැටීම නිසා වහලේ උළු කැට විශාල ප්‍රමාණයක් බිඳී විනාශ විය. 


මේකම ඕයි තමුසේ අටවපු උගුල. ඇඟේ හැටියට මොළයවත් නැහැ. පලනව තමුසෙගෙ තට්ටේ කියමින් බිරිය ළඟ තිබූ කොස්ස කැඩෙනතුරු සැමියාට පහර දුන්නාය. 


වඳුරන්ට අටවපු උගුලෙ මමම වැටුණා යැයි කියමින් සැමියා දස අතේ කල්පනා කරන්නට වූයේ නැවතත් ඔවැනි මෝඩ වැඩ නොකරන්නට වගබලා ගන්නා බව කියමිණි. 
(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා) 

 



අදහස් (2)

බිරිඳට පිරිමිකම පෙන්නන්න ගිහින් කොහුපාර කාලා

gamarala Monday, 08 July 2019 04:49 AM

දැන් කාලේ තමන්ගේ බිරින්දලත් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ බොහොම පරිස්සමෙන්. වරදින වෙලාව කොයි වේලාවේද කියල කාටවත් කියන්න බැහැ. දැන් ඒ ගොල්ලන්ගේ නුවණ හැඳි මිටට වඩා දිගයි.

:       1       20

සත්තලන් කොව්වා Monday, 08 July 2019 07:03 AM

ෂා..... නියමෙට කතාව ගොතලා තියෙනවා. මාර පරිකල්පන හැකියාවක්නේ තියෙන්නෙ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site