IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.ඔවුහු සැමියා, බිරිඳ ලෙස ජීවත් වුව ද, දේශපාලන මත අතින් පරස්පරව කටයුතු කරති. බිරිඳ එක් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, සැමියා ඔහුගේ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය දක්වයි.දේශපාලන කාලවකවානුව තුළ ඔවුන් නයි මුගටි ලෙස කටයුතු කරන අතර, එය කොතරම් ද කිවහොත්, සැමියා කඩෙන් කන තරමට උග්‍රය. ඔවුන් විවාහ වී සිටිය ද දරුවන් නොමැති අතර, මවුපියන් විසින් සොයා දුන් යෝජිත විවාහයක් සිදු කරගෙන ඔවුහු ජීවිතය ගත කරති. 


දෙපාර්ශ්වයේ මවුපියන් සිය දරුවන්ගේ හඳහනේ ග්‍රහයන් ගැළපුව ද, ඔවුන්ට අමතක වූ කාරණය වූයේ, මොවුන්ගේ අපේක්ෂකයන් ගළපා ගැනීමටය. කෙසේ වෙතත්, මෙම ගැටුම තිබෙන්නේ මැතිවරණය අවසන් වන තුරු පමණකි. 
මැතිවරණය අවසන් වූ පසුව දෙදෙනා චිත්‍රපටයක් නරඹා විනෝද ගමනක් ගොසින් යහපත් සාමකාමී ලෙස පවුල් ජීවිතය ගත කරති.
මේ අතර, මේ මැතිවරණ සමයේ බිරිඳගේ කැන්වසින් ගමන නවත්වන්න ඇය රැගෙන යන වතුර බෝතලය වෙත බඩ විරේක දැමීමට සැමියා කටයුතු කර ඇත. මේ බව දුටු ඔහුගේ බිරිඳ ඔහු එතැනින් ඉවත්ව යන තුරු බලා සිට එම වතුර ඔහුගේ සෝඩා බෝතලය වෙත දමා අලු‍ත් වතුර බෝතලයක් පුරවාගෙන කැන්වසින් ගොස් ඇත.
මේ අතර, සුපුරුදු පරිදි කැන්වසින් යාමට පෙර ෂොට් එකක් දමා යාමට පුරුදු වී සිටි ඔහු බඩ විරේක කලවම් සෝඩා සමග මත්පැන් පානය කර ඇත. කැන්වසින් ගමන් පටන්ගෙන ටික වෙලාවකින් ඔහුට දෙවියන් සිහිව ඇත්තේ තම බඩ තුළ ගොර ගොර හඬත් සමග බඩ අවුල් වන විටය. තම බිරිඳට දුන් බඩ විරේක තමන්ට පෙවුණේ කෙසේ ද යැයි ඔහු අමාරු පිටම සිහිපත් කර ඇත්තේ සිතින් සාප කරමිනි. 
අමාරු පිට සිය අපේක්ෂකයා වෙනුවෙන් කැන්වසින් ගිය ඔහු ස්ටේෂමෙන් ස්ටේෂමට නවත්වන කෝච්චියක් මෙන් කැන්වසින් යන නිවෙසින් නිවෙසේ වැසිකිළිවල නතර වෙමින් කාලය ගත කරමින් කැන්වසින් කටයුතු සිදු කර ඇත. ඔහුගේ මිතුරන් මේ බව විමසද්දී, ඔහු බිරිඳට ඇටවූ උගුල ලැජ්ජාවට නොපවසා, පරණ රොටිවලින් සෑදූ කොත්තු කෑමෙන් මෙම තත්වය උදා වූ බව කියා ඇත. 
ඔහු විරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට වැසිකිළි යාම පිළිබඳව පිරිස විමසද්දී ඔහු පවසා ඇත්තේ, “බඩේ අමාරුවට මොන පක්ෂ ද?” කියාය.

 



අදහස් (0)

බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 408 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 854 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site