කොසු මිටකින් පහරදීමට තැත් කළ සැමියාගෙන් බේරීමට බිරිඳක් විසින් අනුගමනය කළ එක්තරා සුළු උපක්‍රමයක් නිසා එම සැමියා නොසිතූවිරූ අකරතැබ්බයකට මුහුණ පෑ සිද්ධියක් අම්පාරේ ඈත එපිට උප නගරයකින් වාර්තා වේ.
නිවසේ ගත කරන සෑම අවස්ථාවකදීම මෙම සැමියා සරමක් ඇඳගෙන සිටීම පුරුද්දක් කරගෙන සිටියේය. ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ඇති වන ආරවුල් ගැන අවට නිවෙස්වල කාන්තාවෝ ද දැන සිටියහ. එසේ රණ්ඩු සරුවල් වෙමින් කෑකෝ ගසන සෑමවිටම අවට නිවෙස්වල කාන්තාවෝ නිවෙස්වලින් එළියට බැස දෙවැට අද්දරට එක් රැස්වී එම නිවස දෙස බලාගෙන කන් යොමු කරති.
ඉකුත්දා දිවා කාලයේ එම නිවසේ ඇතිවූ අඹු සැමි ගැටුමකදී බිරිඳ යටිගිරියෙන් කෑගසා “අනේ ගහන්න එපා, මේන්න වැන්දා.....” “බුදු අම්මෝ මෙන්න මිනී මරනවා..” යැයි කෑමොර ගැසුවාය. සිරිත් පරිදි මෙම ළතෝනිය ඇසුණ අවට නිවෙස්වල කාන්තාවෝ දෙවැට අද්දරට පැමිණ දැන් මොකද වෙන්නේ කියා කුතුහලයෙන් බලා සිටියහ.
එකෙනෙහිම යටිගිරියෙන් කෑ ගැසූ කාන්තාව නිවසේ ඉදිරිපස දොරෙන් එළියට පැන එම කාන්තාවන් සිටි තැනට දුවගෙන විත් නතර වූවාය.
“මොකද අනේ වුණේ? ඔයාට අදත් කරදර කළා” දැයි ඔවුහු ප්‍රශ්න කළහ.
“ඔව් අනේ මට එයා කොසුමිටකින් ගහන්න හැදුවා. මම සාලේ ඇදගෙන වැටුණා. කරන්නම දෙයක් නැති නිසා මම එයා ඇඳගෙන හිටපු සරම බිමට ඇදල දාලා එළියට පැන ගත්තා” යයි පැවසුවාය.
මෙය ඇසූ කාන්තාවෝ “නියම දඬුවම හොඳ වැඬේ” යයි කියමින් උස් හඬින් සිනාසුණහ.
මේ අතර ගෙතුළ සිටි සැමියා බිම වැටුණ සරම නැවත ඇඳගෙන පැන දිවූ බිරිඳ ගැන සොයා බැලීමට ඉදිරි පස දොරෙන් එළියට එද්දී කාන්තාවෝ ඔහු දැක නැවත නැවත සිණාසුනහ.
එවිට ඔවුන් සිනාසෙන කරුණ ගැන අවබෝධ වූ සැමියා කිසිවක් සිදු නොවූ අයුරු අඟවමින් ආපසු ගෙතුළටම ගියහ.
(හිඟුරානේ නවරත්න සමරතුංග)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
බිරිඳට කොහුමිටි පාර දෙන්න ආ සැමියගෙ සරම කඩා දාලා