IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බිරිද මාරු වී ජරමරයක්


හිඟු‍රානේ නවරත්න සමරතුංග 



මැදිවියේ අඹු සැමි යුවළක් එම නිවසේ පදිංචිවී සිටියහ. බිරියගේ මිතුරියක පදිංචි වී සිටි  නිවස තිබුණේ එම නිවසේ සිට කිලෝමීටර් අසූවක් පමණ දුර ප්‍රදේශයකය. රාජකාරි කටයුත්තක් සඳහා ඇයට පසු දින මුතූර් නගරයේ රජයේ කාර්යාලයකට යාමට සිදුවී තිබිණ. 
ඒ අනුව අම්පාරේ සිටි තම මිතුරියට ජංගම දුරකතනයෙන් කතා කර පසුවදා උදෑසන අම්පාරෙන් මුතූර් බලා පිටත්ව යාමට අවශ්‍ය බැවින් ඇයගේ නිවසේ රාත්‍රි නවාතැන් ගැනීමට එන බව දැනුම් දුන්නාය. 
ඒ අනුව කතිකා කරගත් පරිදි එදින සවස ඇය අම්පාරේ මිතුරියගේ නිවසට පැමිණ ඇත.  
එම නිවසේ නිදන කාමර දෙකක් තිබුණ අතර සැමියා සහ බිරිය වෙන වෙනම එම කාමර දෙකේ නිදා ගැනීම පුරුද්දක් වී තිබිණි. 
කෙසේ වුවද මෙදින නවාතැන් ගැනීමට එහි පැමිණි තරුණියට එක් කාමරයක් සූදානම් කර දුන් බැවින් එදින සැමියාට සහ බිරියට නිදා ගැනීමට සූදානම් කර තිබුණේ එකම කාමරයකි.  
රූපවාහිනියෙන් විකාශනය වන සංගීත වැඩ සටහන් නැරඹීම කවදත් ඇල්මක් දැක්වූ සැමියා එදින බිරිඳ සහ පිටස්තර තරුණිය නින්දට ගිය පසුව මධ්‍යම රාත්‍රිය වනතුරුම සංගීත වැඩ සටහනක් නරඹමින් සිට ඇත. 
එය අවසානයේ ඔහු නිවසේ විදුලි පහන් නිවා දමා වෙනදා ඔහු නිදා ගන්නා ඇඳට ගොස් බිරිඳ නිදාගෙන සිටි ඇඳේ නිදාගෙන ඇත. වෙනදා බිරිය ඇඟ ගල්වන ක්‍රීම් සුවඳ ඔහුට දැනිණි. 
පැය බාගයක් පමණ ගත වුණත් ඔහුට නින්ද ගියේ නැති බැවින් කීප වරක් ඇඳේ ඒමේ අත පෙරළෙමින් නිදා ගන්නට ඔහු උත්සාහ කරමින් සිටියේය. අඩ නින්දේ සිටින විට ඔහු නොසිතුවිරූ ලෙස එතැන සිටි තරුණිය අක්කේ !! මෙන්න කවුදෝ ඇඳේ ඉන්නවා..! යැයි යටි ගිරියෙන් කෑ ගැසුවාය. 


ඒ හඬින් පිබිදුන ඔහුගේ බිරිය යාබද කාමරයට විත් විදුලි පහන දල්වා  බලද්දී සැමියා සරම අඳිමින් ලොකු වැරදීමක්නේ වුණේ යැයි පවසා තක්බීර් වී ගොත ගසන්නට විය.   
මෙහිදී කෝප වූ බිරිය තමුසෙට පිස්සුද මේ කාමරේට රිංගුවේ කියමින් සැමියාට බැණ වදින්නට වූවාය. 
එවිට සැමියා බිරියට මෙසේ පවසා ඇත.
මම නොදැන මේ කාමරේට රිංගුවා නෙවෙයි. ඔයා හැමදාම රෑට ඇඟේ ගාන ක්‍රීම් එකේ සුවඳ මේ කාමරේ තිබුණ නිසා මං හිතුවේ ඔයා  අද මේ ඇඳේ බුදියනව ඇති කියලා. 
මේ කතාව ඇසූ බිරිඳගේ මිතුරිය ද එය අනුමත කරමින් “ඔව්නේ අක්කේ.. මම ඔයාගේ බොඩි ක්‍රීම් එකෙන් ටිකක් ගා ගත්තානේ” යැයි කීවාය. ඉන් පසු බිරිඳත් මිතුරියත් “එහෙම ද?” කියමින් මුහුණෙන් මුහුණ බලා ගත්හ.



අදහස් (0)

බිරිද මාරු වී ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site