IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බයිසිකල් මාරුවෙන් ගෙදර නෝනත් පැටලිලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ඉදිරියෙන් වෙට්ටු දම දමා යතුරු පැදිය පදවන කාන්තාව දාසට මහා ඇණයක් විය. තමා පදවන මෝටර් රථය යතුරු පැදියට ඉස්සර කිරීමට ඔහු අවස්ථා කිහිපයකදීම උත්සහා කළත් ඊට ඉඩක් නම් ඇයගෙන් ලැබුණේම නැත.


සිය මෝටර් රථයේ නලාව අවස්ථා කිහිපයකදීම දාස  මහ හඩින් ශබ්ද කළේ ඊට මාර්ගයේ ඉඩහසර ලබා ගැනීමටය. නෑසූ කන් ඇති ඇය වගේ වගක් නැතිව යතුරු පැදිය ධාවනය කරමින් සිටියාය. යතුරු පැදියේ දකුණු පස සංඥා එළිය ඔහේ දැල්වෙමින් තිබීම නිසා දාසට මෝටර් රථය ඉස්සර කිරීමට දෙපාරක්ම සිතන්නට සිදුවිය. ඒ යතුරු පැදිය කොයිවෙලේ දකුණට හරවා දැයි නොදන්නා  නිසාය. 


ආයතනයේ ප්‍රධානියා සහ සෙස්සන් සමග එදා දාස ගියේ වැටලීමකටය. ගමන අතිශයින්ම ඉක්මන්විය යුතුය. නමුත් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව නිසා තමා අපේක්ෂා කළ වේගයට රිය ගෙනයාමට නොහැකිවූ දාසට යකා නැග්ගේය. අනේ මෙහෙමත් ගෑනු මේ ගෑනිට නෙමේ ගහන්න ඕන මේ යතුරු පැදිය අරන්දුන්නු ගෑනිගේ මිනිහාට යයි දාසට කියවුණේ ඉබේටමය. ඒ ලොක්කාට සහ සෙසු අයට ඇහෙන්නය. ඒ ආපු ආවේගයටය. කාන්තාවන් යතුරු පැදිවලින් ගමන් ගනිත් දී මෙවැනි අත්දැකීම් වැලක් තමන්ට අත්විදීමට සිදුවූ නිසා ඇයට හොඳවයින් දෙකක් කියන්නට දාසට සිතුණේය.


ඔහු කොහොම හරි තමා ධාවනය කරනු ලැබූ මෝටර් රථය යතුරු පැදියට ඉස්සර කළේය. ඒ යතුරු පැදියට යාමට නොහැකි ආකාරයටය. ‘‘ඔහොමද ඕයි බයිසිකලේ යන්නේ’’ අනෙත් ඈයෝ පාරේ යන්නේ නැද්දයි? අසමින් දාස යතුරු පැදියේ යමින් සිටි කාන්තාවට බැනගෙන බැනගෙන ගියේය. තොපිලට නෙමෙයි ගහන්න ඕන මේක අරන් දුන්නු එකාලට යයි දාස වැඩිදුරටත් කීවේය. ඒ එක්කම යතුරු පැදියේ සිටි කාන්තාව එය නවතා හිස් ආවරණය මෙන්ම මුඛ ආවරණය ද ගලවා දාස දිහා බැලු‍වාය. දෙයියෝ සාක්කි මේ යකඩෝ මගේ භාර්යාව නේ. ළමයි පාසලට එක්ක යන්න එක්ක එන්න මමනේ මේ ගෑනිට බයිසිකලයක් අරන් දීලා පුරුදු කළේ යයි දාසට කියවුණේය.


ඔහුට කර කියා ගන්න දෙයක් නොමැතිවිය. ඒ තමා සමග මෝටර් රථයේ ගමන් ගත් කිහිපදෙනෙකුම සිය භාර්‍යාව හඳුනන බැවිණි. 
ඇය තමාගේ යතුරු පැදියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා එදා ළමයි ගැනීමට පාසලට  ගොස් තිබුණේ යෙහෙලියකගෙන් ඉල්ලා ගත් යතුරු පැදියකිනි. ඒ  නිසාම  දාසට එම  යතුරු පැදියේ ගමන් ගත්තේ තමාගේ භාර්යාව බව අදුනා ගැනීමට නොහැකිවීම නිසා මේ අලකලංචියට මුහුණ දීමට සිදුවිය. 


  එදා සිට දාස භාර්‍යාව ගේ යතුරු පැදි ගමන නතර කළ  අතර දූදරුවන්ගේ පාසල් යාම් ඊම් සදහා පාසල් ප්‍රවාහන රථයකට පැවරුවාලු‍.

 



අදහස් (0)

බයිසිකල් මාරුවෙන් ගෙදර නෝනත් පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site