IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බඹර පදමෙන් මොළේ කචල්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
ඉකුත් සති අන්තයේ දිනෙක අගනුවරට ආසන්න ප්‍රදේශයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකි. උදෑසන දහයේ පමණ සිට නෑදෑ හිතවතුන්ගෙන් උත්සව ශාලාව පිරී යන්නට විය.


ක්‍රම ක්‍රමයෙන් දිවා භෝජනය සඳහා කාලය ළඟා වෙමින් පැවතිණි. කෑමට පෙර බීම අවශ්‍ය අයට ඒ සඳහා ආරාධනා ලැබිණි.


 සෙසු අයට කෑම සඳහා ආරාධනා ලැබුණු අතර ඒ අනුව පිරිස පෝලිමේ ගොස් කෑම බෙදාගෙන තම තමන්ගේ මේස කරා ගොස් කෑම සප්පායම් වූහ. ඇතැම් අය කෑම කා අවසන් වනතුරුත් බීම සප්පායම් වීමට ගිය අය කෑම සඳහා නොපැමිණියහ.


මේ අතර කෑම කා අවසන් වූ කාන්තාවෝ කීප දෙනෙක් ඉඳුල් පිඟන් තැබීමට යමින් සිටියහ. පරිසර හිතකාමියකුගේ මංගල උත්සවයක් වූ බැවින් පොලිතින් කොළවලින් පිඟන් ආවරණය කර නොතිබිණි.


 බොහෝ දෙනා මඟුල් උත්සව වලදී පමණට වඩා කෑම බෙදාගෙන වැඩි ප්‍රමාණයක් පිඟන්වල ඉතුරු කළ ද මෙහි සිටි විශ්‍රාමික ගුරු මාතාවක තමන් බෙදාගත් කෑම ප්‍රමාණය සම්පූර්ණයෙන් අනුභව කොට තිබුණේ එය ඇයගේ යහපත් පුරුද්දක් බැවිනි.


මේ අතර හොඳටම බඹර පදන් වී පැමිණි මැදිවියේ පුද්ගලයෙකි. බමන මත නිසාම ඔහුට පිඟානක් සොයා ගැනීම අපහසු විය. අර කාන්තාව අත තිබූ පිඟාන වෙත ඔහුගේ ඇස ගැටිණි.


“කෝ දෙන්නකෝ අම්මේ ඔන්න ඔය පිඟාන මට” කී ඔහු සේදුවාක් මෙන් පෙනෙන්නට තිබූ ඇයගේ පිඟාන බලෙන් මෙන් ගෙන කෑම බෙදාගන්නට වූයේ එහි සිටි අය තුෂ්නිම්භූතව බලා සිටියදීය.

 



අදහස් (0)

බඹර පදමෙන් මොළේ කචල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 891 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site