කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බමන මතින් නිවෙසට පැමිණ භාර්යාවට තඩිබාන සැමියකුගේ එම ක්‍රියා කලාපය බල්ලකු විසින් සදහටම නතර කළ අපූරු පුවතක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකින් අසන්නට ලැබේ.
බඹර පදමින් බමන මතින් ඔහු නිවෙසට එන්නේ නිවෙසේ වලියක් හිස මත තබාගෙනමය. ඊට නිවස තුළින්ම හේතුවක් හදා ගැනීමට සොයමින්ය. එදාට භාර්යාව දඟලන්නේ ඔහුත් එක්ක නොඑල්ලෙන්නය. ඔහු බලන්නේම මොකක් හෝ අරභයා එල්ලෙන්නමය. අතේ පයේ හයිය පෙන්නන්නමය.
එදාත් ඔහු නිවෙසට ආවේ බමන මතිනි. කෑම වේලාව නිසා භාර්යාව ඔහුගේ අතටම කෑම පිඟානත් ගෙනත් දුන්නාය. ගියේ ටික වේලාවකි. යකෝ කෝ මේකේ ලුණු නෑ කියමින් ඔහු පිඟාන පොළවේ ගැසුවේය. කෑම පතේ ලුණු නැතැයි කියමින් ඊළගට ඔහු පැන්නේ බිරියට පත බාන්නය. භාර්යාවට පත බාන්න ලැබුණේ දෙක තුනකි. ඇය එයින් මිදී නිවෙසින් එළියට පැන දිව්වාය. මේ වාඩුව ගන්න ඔහු ඉදිරියට ආ නිවසේ බල්ලාට තඩි බාන්න සූදානම් විය. දෙක තුන වදින විට බල්ලාට හොඳටම කේන්ති ගියේය.
ඒ නිසාම බල්ලා ඔහු එල්ල කළ පා පහරේ පාදය කටට ගෙන අත් හැරියේ මැහුම් දාන තුවාල වනසේ පාද කොටස වැල් කරමිනි. වෙරි සිඳී ගියේය. නිවෙසින් එළියට පැන්න නෝනා ප්‍රදේශවාසීන්ගේ ද උදව් ලබාගෙන සැමියා රෝහල් ගත කළාය. දියවැඩියාව ඇති ඔහුට කකුල නොකපා බේරා ගැනීමට මාසයකට ආසන්න කාලයක් නේවාසිකව රෝහල් ගත වීමට සිදුවිය.
රෝහලෙන් පිටව ආවද ඔහුට නිවෙසින් එළියට බැස වෙනදා මෙන් අඩියක්පුඩියක් ගසා ඒමට නොහැකි වූයේ හේතු දෙකක් මතය. එක බල්ලා දුන්නු දඬුවම ගැන ගමම දන්නා බැවිනි. අනෙක වෛද්‍ය උපදෙස් මතය. බීලා ඇවිත් තමාට තඩිබාන එක කාටවත් නතර කර ගැනීමට බැරිව තිබූ අවස්ථාවක බල්ලා කර දුන් ඒ උපකාරයට භාර්යාව සිටින්නේ බල්ලාට පින් දෙමින් ලු.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බමන මතින් යකා නටන සැමියාට ගෙදර බල්ලාගෙන් පාඩමක්