IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බබාලා නැත්නම් බංකු මොකටද ?

(මනෝජ් හර්ෂික) 
වයඹ පළාතේ ප්‍රසිද්ධ පාසලකි. පාසලේ ප්‍රාථමික අංශයන් සඳහා වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් යෑමට සියලු කටයුතු පාසලේ ඇදුරු මඩුල්ල විසින් සූදානම් කරනු ලැබීය. 


කොළඹ නගරය බැලීමට සියලු කටයුතු සූදානම් කර ගත් ගුරුවරුන් මේ සඳහා පෞද්ගලික බස් රථ හතරක් සූදානම් කළහ. සියල්ල සූදානම් කරගත් පරිදි සාර්ථකව සිදු වූ අතර ඉඩ කඩ මද වූවෙන් බංකු කිහිපක් ද එක් බස් රථයකට දැමීමට ද සිදු විය. 


පෙර සූදානම් කරගත් පරිදි නැරඹීමට යොදා ගත් සියලු ස්ථාන වේලාසනින් නරඹා අවසන් වුයෙන් දරුවන් මුහුදු වෙරළ නැරඹීමට ගෙන යාමට ගුරුවරු කටයුතු කළහ. 


මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක් බස් රථයක රියැදුරෙකු හොඳ හැටි මත් පැනින් සප්පායම් විය.  


රියැදුරුගේ තත්ත්වය ගැන තේරුම් ගත් ගුරුවරු දරුවන්  මෙම බස් රථයේ ගෙනයාම අනතුරකට අත වැනීමක් බව දැන ඔවුන් අනෙක් බස් රථ තුන වෙත ගෙනයාමට කටයුතු කළහ. මේ බව දැනගත් බීමත් රියැදුරු බසයේ වූ බංකු එළියට විසි කරමින් වියරුවෙන් මෙන් මෙසේ කියමින් කෑ ගැසීය. බබාලා නැත්නම් බංකු මොකටද? 



අදහස් (1)

බබාලා නැත්නම් බංකු මොකටද ?

Thusha Wednesday, 09 May 2018 12:44 PM

දරුවන් විතරක් නොවෙයි. වැඩිහිටියන් හෝ කව්රු වුනත් බීමත් රියදුරන් එලවන වාහනවල ගමන් කිරීම, අනතුරුවලට අත වැනීමක් තමයි. (4 වැනි බස් එකේ ගමන් කළ අයට දෙයියන්ගේම පිහිටයි.)

:       0       117

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site