IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බේබද්දාත් බළලාත් එකම පිඟානෙන් හවුලේ බත් කාලා

(බමූණාකොටුව එච්.එම්.එන්. හේරත්) 
ප්‍රමාණය ඉක්මවා මත් පැන් පානය කරමින් සිටි පුද්ගලයෙකු කෑම කමින් සිටියදී එම කෑම පිඟානෙන් බළලෙකු ද කෑම කෑ පුවතක් වාරියපොළ ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය. බිරිය සමඟ වෙසෙන මෙම පුද්ගලයා කලක සිට මත්පැන් පානය කිරීමට ඇබ්බැහිවී ඇති අතර සෑම දිනකම දහවල් මත්පැන් පානය කර දහවල් කෑම කන පුරුද්දක් ඇත. 


මොහු එදිනෙදා මත්පැන් පානය කර නිවසට පැමිණ ඇත්තේ දහවල් 1.00ට පමණය. එදින දහවල් කෑමට බත් සහ කුකුළු මස් වෑංජනයක් සමග තිබ්බටු මැල්ලුමක් සැකසූ බිරිය ඒවා පිඟානට බෙදා කෑම කන්නැයි සැමියාට කියා වතුරගෙන ඒමට ගොස් ඇත. 


මේ අවස්ථාවේ කුකුල් මස්වල ඉව වැටුණු තම නිවසේ බළලා මේසය වත නැගී තම සැමියාගේ පිඟානේ අනෙක් පැත්තෙන් බත් කනවා දුටු බිරිය ‘ඈ යකෝ බළලා බත් පිඟානෙන් කනවා පේන්නේ නැද්දැ’යි කී විට ‘කාපුදෙන්.. ඌත් කන්න එපායැ’ යැයි සැමියා කියා ඇත.



අදහස් (0)

බේබද්දාත් බළලාත් එකම පිඟානෙන් හවුලේ බත් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site