IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බඳීන කතාවකට ඇවිත් මාලය කඩාගෙන ගිහින්

(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)

විවාහ අපේක්ෂාවෙන් මංගල සේවාවක ලියාපදිංචි වී සිටි 47 හැවිරිදි කාන්තවකගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී ඇය උතුරු කළුතරට ගෙන්වාගෙන ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන ගිය බව කියන පුද්ගලයකු පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලි ලැබී ඇත.

බෙන්තොට ප‍්‍රදේශයේ කාන්තාවක මීට ගොදුරු වී ඇත්තේ ඉකුත් පෙබරවාරි දහවල් 12.55ට පමණය.

විවාහ වීම සඳහා අපේක්ෂා කරන තරුණ තරුණියන් හඳුන්වා දෙන මංගල සේවාවක තමා ලියාපදිංචිවී සිටි බවත් ඊට අදාළව තමාට ඇමතුමක් දුන් පුද්ගලයෙකු උතුරු කළුතර සතොස වෙළෙඳසැල අසලට පැමිණෙන ලෙස දැන්වූ බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඔහුගේ ඉල්ලීම මත තමා උතුරු කළුතරට පැමිණි බවත් එවිට යතුරුපැදියකින් එහි පැමිණ සිට ඔහු තමා හඳුන්වා දී ගෙල බැදි රන් මාලය කඩා ගත් බවත් ඇය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

ඔහු තමාට මරණ තර්ජන කළ බැවින් එම දිනයේ පොලිසියට පැමිණිලි නොකළ බවත් මිරිහාන පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත් බවට ලද තොරතුරු අනුව පැමිණ පැමිණිලි කරන බවත් ඇය පොලිසියට වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බඳීන කතාවකට ඇවිත් මාලය කඩාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site