IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බොන පාටියේ සංගීත මිතුරාට තරු පේන සංග්‍රහයක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මිතුරාගේ ඇරියුමින් ඔහුගේ නිවෙසේ පැවැති ප්‍රිය සාදයට සංගීතය සැපයූ මිතුරාට පොරොන්දු වූ මුදලින් ඉතිරි  මුදලට ලබාදුන් සංග්‍රහයෙන් සංගීතය සැපයූ මිතුරාට රෝහලෙත් සංගීතය පැවැත්වූ මිතුරාට පොලිස් කූඩුවේත් ළගින්නට සිදුවූ අපූරු පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.
දෙන්නාම අඹ මිතුරෝය. එකෙක් අම්බලන්ගොඩය. අනෙකා කරන්දෙණියේය. ඔහු ප්‍රියසාදවලට සංගීතය සපයන්නෙකි.
අම්බලන්ගොඩ මිතුරාගේ නිවෙසේ එදා රෑ පැවැති ප්‍රියසාදයට සංගීතය සැපයීමට ආරාධනා කෙරුණේ කරන්දෙණියේ මිතුරාටය. ඒ මුදලක් පොරොන්දු පිටය. ඒ අනුව සංගීතය පවත්වන්න පෙරාතුවය. ඉතුරු කොටස සංගීතය යන අතරතුරේදී ලබා දීමට හා ලබා ගැනීමට දෙමිතුරෝ එකඟවූහ.


අම්බලන්ගොඩ මිතුරාගේ ප්‍රියසාදයේ සංගීතය සඳහා විශේෂයෙන් සැකසුණු වේදිකාවක්ද විය. එදා දෙමිතුරෝම රහමෙර පානය කළෝය. සංගීතය සැපයීමට වේදිකාගත වූ මිතුරා ඒ කාර්යයේ නිරතවී සිටියේය. නිවෙස් හිමි මිතුරා සෙස්සන් සමග වේදිකව ඉදිරිපිට නර්තනයේය.
ප්‍රියසාදයේ සංගීතය නතර කිරීමට ඔන්න මෙන්නය. සංගීතය සැපයූ මිතුරා සිය මිතුරාට කණට කර ඉතිරි මුදල ඉල්ලු‍වේය. ඒ සමගම ඔහුට මලපැන්නේ හිමින් නම් නොවේ. ඒ සමගම ක්‍රියාත්මක වූ ඔහු සංගීතය සැපයූ මිතුරාට අතින් සංග්‍රහයක් කළේ වේදිකාවෙන් බිමට  වැටෙන ලෙසය.
එහි අවසානය වූයේ සංගීතය සැපයූ මිතුරා තමාට නිවෙස් හිමි මිතුරා පහර දුන්නේ යැයි කියමින් රෝහල් ගත කිරීමත් හා ඔහුට පහර දුන් මිතුරා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට පත්වීමත්ය.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ, උපපොලිස් පරීක්ෂක ගමගේ යන මහත්වරුන්ට මේ දෙමිතුරු හුටපටයෙහි පරීක්ෂණ පැවැත්වීමට සිදු විය. 

 



අදහස් (0)

බොන පාටියේ සංගීත මිතුරාට තරු පේන සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site