මොරගොල්ලාගම සිසිර කැලේගම
නිවෙසෙන් බැහැරව ගිය සැමියාගේ ත්‍රිරෝද රථය සොරා ගැනීමක් ගැන වාර්තා වීමෙන් පාටියකට ලෑස්ති වුණ පිරිසකට වෙරි සිදුණු පුවතක් මොරගොල්ලාගම අවට පෙදෙසකින් අසන්නට ලැබුණි.
ඔහු හමුදා සේවයේ සිටි රණවිරුවෙකි. දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙයි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. පියා රැකියාවට සමුදී ආදා පටන් බිරිය හා දරුවන් එක්ව කාලය ගෙවමින් පසු විය.
ඒ අතරවාරයේ ඔහු ඉදහිට හමුවීමට යන ගජ මිතුරෙක් සිටී. ඔහුගේ නිවෙසට යනවා එනවා හැරෙන්නට ඔහු වෙනත් තැන්වලට යන්නේ ද නැත.
මේ අතරවාරයේ එක් දිනක් ඔහු කට්ටියක් සමග පාටියකට එක්ව සිටියහ. මේ වෙද්දී සියල්ලෝ පදම ඉක්මවා සිටියහ.
කෙසේ හෝ පාටිය නිමවී ඔහු පාර දෙසට පැමිණියේය. ඒ ඔහු නවතා තිබු ත්‍රිරෝද රථයෙන් ගෙදරට යාමටය.
“ඒයි, මචං ත්‍රීවිල් එක නැහැ. හොරු අරන් ගිහින්. මචං නීතියෙන් බේරෙන්න මොනවා කීව්වත් ගෙදර නෝනාගෙන් මට ගැලවුමක් නැහැ...” ඔහු කෑ ගසමින් කියයි. එය ඇසු සියල්ලන්ටම වෙරි සිඳී ගියේය.
මීට පෙරත් මේ සීමාවේ හොරකම් රැසක් සිදු වී තිබේ. රැස්වූ පිරිස් ද පවසා සිටියහ. එය සොරාගෙන ගොස් ඇති බවට සියල්ලෝ තේරුම් ගත්හ.
යන මං නැති ඔවුහු වහ වහා යාළුවාගේ ගෙදරට ගියහ. ඒ සුදුසු ඇඳුමකින් සැරසී පොලිසියේ පිහිට පැතීමටය.
නැති වූ යතුරු පැදිය එහි මිදුලේ ඇත.
එය පාර අයිනේ නවතා සැමියා තමාටත් හොරෙන් පාටියට එක්ව සිටින බව දැන ගෙන බිරිය අල්මාරියේ තිබූ අමතර යතුරකින් සැමියාට පාඩමක් උගන්වන්නට එය ගෙනැවිත් ඇති බව ඔවුහු දැන ගත්හ.
මේ නිසා බීපු වෙරි සිඳී ඇති ඔවුන් නැවත ඉතිරි ටික තොල ගාන්නට හිටපු තැනටම ගොස් ඇතත්, ඒ වනවිටත් බයිට් බල්ලන් කා දමා ඉතිරිව තිබුණ මත්පැන් බෝතලය ද පෙරළා බිම දමා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොන පාටියකට හොරෙන් ගිහින් වෙරි හිදෙන දඩුවමක් ලැබිලා
Doper Wednesday, 24 January 2024 02:22 PM
වෙරි හිඳගෙන කොට ත්‍රි රෝද රථය බයික් එකක් වෙලා